Homeක්‍රීඩාආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ...

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම ඊයේ (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සමග සුහඳ සාකච්ඡාවක නිරතවූ අග්‍රාමාත්‍යවරිය ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් වෙත සුබ පැතුම් එක් කළාය.

මෙවර කණ්ඩායමේ නායිකාව ලෙස දුලංගි වන්නිතිලක කටයුතු කරන අතර පුහුණුකරු දීපි නාලිකා ප්‍රසාදි ද, කළමණාකරු ලෙස පද්මිණී හොරනගේ ද, ආසියානු නෙට්බෝල් සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා ද, කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ලාල් ඒකනායක ද, සම්භාහක ලෙස මනෝජ් දර්ශණ ද කණ්ඩායමට එක්වේ.

පළමු වතාවට ආසියානු රටවල් 14ක් මෙවර ශූරතාවලිය සඳහා එක් වේ. මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 17 වන දින සවස 3.00 ට ද, තරගාවලිය ඔක්තෝබර් 18 දින සිට 27 දින දක්වා ද ඉන්දියාවේ බැංගලෝර් නුවර දී පැවැත්වේ.

කණ්ඩායම – ලන්ගි වන්නිතිලක (නායිකා), හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, ගයාංගලී අමරවංශ, තිෂලා අල්ගම, ශානිකා පෙරේරා, ගයානි දිසානායක, ගයාත්‍රි කෟෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොද්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නීෂා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments