Homeක්‍රීඩා‌‌බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ගෙදර යැව්වේ ඇයි ?

‌‌බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ගෙදර යැව්වේ ඇයි ?

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ.

විනය හේතු මත මෙම තීරණය ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම විශේෂත්වයකි.

මේ අතර 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Phil Simmons පත් කර ඇති බව වාර්තා වේ.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments