Homeකාලීන පුවත්වාහන ආනයනය ගැන NPP ආණ්ඩුවේ නිල ස්ථාවරය ඇමැති විජිත හෙළිකරයි

වාහන ආනයනය ගැන NPP ආණ්ඩුවේ නිල ස්ථාවරය ඇමැති විජිත හෙළිකරයි

වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව සිදුකරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන ලෙස විශාල ඉල්ලීමක් පවතින බව ද, ඒ පිළිබඳ කලින් ගත් කැබිනට් තීන්දුවක් පවතින අතර මෙම අවස්ථාවේ හදිසි වාහන ගෙන්වීමක් හෝ තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් නව රජය බලයට පත්වූ පසු සිදුකර නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් නව රජයේ පාලනය තුළ අලුතෙන් ගත් තීරණයක් ලෙස ක්‍රියාත්මක කර නැතැයි ද ඔහු අවධාරණය කළේය.

වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුයි යන ස්ථාවරයේ රජය සිටින බව ද අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments