නව නීතිය ජනවාරී 01 වැනිදා සිට බලාත්මකයි – නමුත් කර්මාන්තකරුවෝ නීතිවලට සූදානම් නැහැ
- ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (Lanka Confectionery Manufacturers Association – LCMA) පවසන්නේ සමාගම්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මිල අධික සහ ප්‍රායෝගික නොවන අවශ්‍යතා හේතුවෙන් අනුකූල වීම සමඟ අරගල කරන බවයි
- නව රජය තවමත් පාර්ශ්වකරුවන් අවිනිශ්චිතභාවයට පත් කර ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කර නොමැති බව LCMA අවධාරණය කරයි
- පාරිභෝගික සෞඛ්‍යය සහ කර්මාන්තයේ ශක්‍යතාව සමතුලිත කිරීම සඳහා ඇතැම් වගන්තිවලට සංශෝධන සඳහා පාර්ශ්වකරුවන් ඉල්ලා සිටී
‘ඇසුරුම් කළ ආහාර (packaged food) ලේබල් කිරීම සහ ප්‍රචාරණය කිරීම’ සඳහා හඳුන්වා දී ඇති නව නීති මාලාව සම්බන්ධයෙන් රසකැවිලි කර්මාන්තකරුවෝ දැඩි කනස්සල්ල පළ කරති.
මෙම නව නීති 2025 ජනවාරී 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය.
2022 දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් සහ 2023 පෙබරවාරී 14 වැනිදා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලාසිවලට අනුකූල වීම සම්බන්ධයෙන් ඇසුරුම් කළ ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින කර්මාන්තකරුවෝ උභතෝකෝටිකයකට පත්ව සිටින බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) වැඩි දුරටත් පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් LCMA හිටපු සභාපති S.M.D. සූරියකුමාර් මහතා පැවසුවේ ‘යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඇතැම් වගන්ති අනුගමනය කළ නොහැකි බැවින් බොහෝ සමාගම්, (විශේෂයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන්) නව රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අරගල කරන බවයි.
ඔහුට අනුව, උසස් පරීක්ෂණ සහ විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වන සවිස්තරාත්මක පෝෂණ ලේබල් කිරීම (detailed nutritional labelling), නිෂ්පාදන නියැදීමේ දැඩි ප්‍රොටෝකෝල සහ වෙළඳ ප්‍රචාරණය සඳහා සීමා කිරීම් වැනි අවශ්‍යතා සමාගම්වලට අනුකූල වීමට අපහසු නීති වේ.
ප්‍රධාන ආහාර අධිකාරිය (Chief Food Authority) විසින් අනුමත නොකළහොත් දැන්වීම් පත්‍රිකා, නොමිලේ සාම්පල, සෙල්ලම් බඩු හෝ කාටූන් චරිත සහ ප්‍රසිද්ධ පුද්ගලයින් භාවිතා කිරීම හරහා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ආහාර ප්‍රවර්ධනය කිරීම තහනම් කරන වගන්තිය ඔහු පෙන්වා දුන්නේ ය.
“සියලු රසකැවිලි නිෂ්පාදකයින්, ආහාර ඇසුරුම්, සැකසුම් සමාගම් කනස්සල්ලට පත්ව සිටින්නේ පාරිභෝගිකයින්ට ඇත්ත වශයෙන්ම ප්‍රතිලාභයක් නොමැති සමහර ක්ෂේත්‍ර ඇති නිසයි. අපි පසුගිය රජය සමඟ ඉතා ශක්තිමත්ව සාකච්ඡා කළා. සීනි පරීක්ෂාව නිසා විශාල වශයෙන් මුදල් පිටවීම වැනි ප්‍රායෝගික දුෂ්කරතා අපි පැහැදිලි කළා. මම හිතන්නේ බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම නව නීති දරාගත නොහැකියි. පාරිභෝගික සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන කිසිදු රෙගුලාසියකට අපි විරුද්ධ නැහැ. ප්‍රචාරණය වැනි ක්ෂේත්රවල යම් පාලනයක් තිබිය යුතු බව අපි පිළිගන්නවා. නමුත් කර්මාන්ත සහ පාරිභෝගිකයන් යන දෙඅංශයේම ආරක්ෂාව සඳහා ඇතැම් වගන්ති ඇත්ත වශයෙන්ම සාකච්ඡා කර වෙනස් කළ යුතුයි,” සුර්යකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.
ප්‍රධාන ආහාර අධිකාරිය (Chief Food Authority) විසින් අනුමත නොකළහොත් දැන්වීම් පත්‍රිකා, නොමිලේ සාම්පල, සෙල්ලම් බඩු හෝ කාටූන් චරිත සහ ප්‍රසිද්ධ පුද්ගලයින් භාවිතා කිරීම හරහා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ආහාර ප්‍රවර්ධනය කිරීම තහනම් කරන වගන්තිය ඔහු පෙන්වා දුන්නේ ය.
තම දරුවන්ට කැමැත්තෙන් නිෂ්පාදන ලබා දිය හැකි මව්වරුන් ද ඇතුළුව සියලුම වයස්වල පුද්ගලයින් එක්රැස් වන උත්සව සහ සැණකෙළි වැනි එළිමහන් අවකාශයන්හි මෙම නිෂ්පාදන ප්‍රවර්ධන බොහෝ විට සිදු කරන බැවින් මෙම නීතිය අකාර්යක්ෂම බව ඔහු පෙන්වා දුන්නේ ය.
නව රජය තවමත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති තත්ත්වයක් තුළ, 2025 අවසාන දිනය එළඹීමත් සමඟ රජයේ පැහැදිලි කිරීම් සහ සහාය අපේක්ෂාවෙන් සිටින බැවින් කර්මාන්තකරුවෝ දැඩි කනස්සල්ලට පත්ව සිටින බව සූරියකුමාර් වැඩි දුරටත් පැවසුවේ ය.
“අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඉක්මනින්ම ඇමැතිවරු සහ බලධාරීන් හමුවීමට. මීට පෙර අපි සාකච්ඡා කර යම් යම් දේවලට එකඟ වූ නමුත් තවමත් එම ගිවිසුම් කිසිවක් සඳහන් කිරීමට නිල තහවුරු කිරීමක් හෝ ගැසට් පත්‍රයක් ලැබී නැහැ. දැන් අපි කොහොමත් ඒක කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. මොකද ජනවාරි 1 වෙනිදා ගොඩක් ළඟයි. ඒ නිසා හැමෝම ඇත්තට ම කලබල වෙලා රජයෙන් යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා” සූරියකුමාර් අවධාරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාව තුළ ආහාර ඇසුරුම්කරණය සඳහා වන නව රෙගුලාසි සකස් කර හඳුන්වා දෙනු ලැබුවේ 2005 දී රට තුළ අනුගමනය කරන ලද ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි වෙනුවට ය.
නව මාර්ගෝපදේශ මඟින් අනිවාර්ය ලේබල් කිරීම, භාෂා පිරිවිතර, අමුද්‍රව්‍ය ලැයිස්තුගත කිරීම සහ ශුද්ධ අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම වැනි ප්‍රධාන අවශ්‍යතා කිහිපයක් ගෙනහැර දක්වයි.
රීති මුලින් 2024 ජනවාරි 1 සිට බලාත්මක වීමට නියමිතව තිබූ නමුත් නව නිර්ණායකවලට අනුකූල වීමට කර්මාන්තවලට වැඩි කාලයක් ලබා දීම සඳහා ක්‍රියාත්මක කිරීමේ දිනය 2025 ජනවාරි 1 දක්වා දීර්ඝ කරන ලදී.