Homeකාන්තා ලෝකයකැමැත්ත සහ ලිංගිකත්වය - ඔබ මේ කරුණු දැන සිටියා ද ?

කැමැත්ත සහ ලිංගිකත්වය – ඔබ මේ කරුණු දැන සිටියා ද ?

  • කැමැත්ත යනු එහි සෑම පියවරකදීම සන්නිවේදනය කිරීම සහ එම ක්‍රියාවන්ගෙන් ඔබේ සහකරුවාට අපහසුවක් නැති බව දැන ගැනීමයි.
  • ඒ සඳහා පැහැදිලි සහ උනන්දුකර “ඔව්” යන්නක් අවශ්‍ය වේ.  එක් දෙයකට “ඔව්” යැයි පැවසීම තවත් දෙයකට “ඔව්” යැයි පැවසීමක් ලෙස අදහස් කෙරෙන්නේ නැත.
  • යමෙක් අවිශ්වාසයෙන් නම්, නිහඬව සිටී නම්, ප්‍රතිචාර නොදක්වන්නේ නම්, හෝ “සමහර විට” යැයි පවසන්නේ නම්, එය “ඔව්” නොවේ.
  • කැමැත්ත යහපත් සබඳතාවක අත්‍යවශ්‍ය අංගයකි.
  • එය, සෑම දෙනාටම ආරක්ෂිත බව, පහසු බව සහ ගෞරවනීයත්වය දැනවීමට එක් මාර්ගයකි.
  • ඔබ සමග සිටින පුද්ගලයා සතුටින් සහ පහසුවෙන් සිටින්නේදැයි තහවුරු කරගැනීම ඔබේ වගකීමකි, මන්ද යත් කැමැත්ත රහිත ලිංගික කටයුතු (ස්පර්ශ කිරීම, සිප ගැනීමේ සිට අභ්‍යන්තර සංසර්ගය දක්වා) නීති විරෝධී වන බැවිනි.
  • එය අපරාධයක් වනවා පමණක් නොව දූෂණය සහ ලිංගික බලහත්කාරයේ චිත්තවේගීය සහ මනෝභාවමය ප්‍රතිඵල ජීවිත කාලයක් පුරාම පවතී.

කිසියම් තත්ත්වයකදී, විශේෂයෙන් ලිංගිකමය කාර්යයකදි, යමෙකු අපහසුතාවයකින් සිටින බව තීරණය කිරීමේ එක් හොඳම ආකාරයක් වන්නේ, එය ඔවුන්ගෙන් ඇසීමයි.

ඔබට ඇසිය හැකි ප්‍රශ්න:

  • ‘ඔබ කිරීමට අකමැති යමක් තිබේද?’
  • ‘ඔබ මෙයට සතුටු ද?’
  • ‘කමක් නැතිද?’
  • ‘ඔබ පහසුවෙන් සිටින්නේද?’
  • ‘ඔබට නතර කිරීමට අවශ්‍යද?’
  • ‘ඔබට ඉදිරියට යාමට අවශ්‍යද?’


ඔබ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් ප්‍රචණ්ඩත්වයේ වින්දිතයෙකු නම් කරුණාකර අමතන්න:

ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය – පොලීසිය – 0112 444444

Women in Need – 011 471 85 85

fpasrilanka.org ඇසුරිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments