Monday, June 23, 2025
More
    Homeක්‍රීඩාපන්දු යවන්නියන්ගේ දිනයක් – තිදෙනෙකු කඩුලු 5 බැගින් දවාලයි

    පන්දු යවන්නියන්ගේ දිනයක් – තිදෙනෙකු කඩුලු 5 බැගින් දවාලයි

    ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක් ඇති නොවු අතර තරග හතේදීම සම්පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට කණ්ඩායම් හතක් සමත්වීම ද දිනයේ කැපී පෙනුණු සිදු වීමකි.

     නාවික හමුදාවේ ඉනෝකා රණවීර ඒස් කැපිටල් සමඟ ලකුණු 14කට කඩුලු පහක් ද යුද හමුදාවේ සුගන්ධිකා කුමාරි බී.ආර්.සී. සමඟ ලකුණු හතකට කඩුලු හයක් ද පාණදුර කණ්ඩායමේ රිස්මි සංජානා එන්.සී.සී. සමඟ ලකුණු අටකට කඩුලු හයක් ද දවාලීමට සමත් වුහ. මේ පන්දු යවන්නියන් නියෝජනය කළ කණ්ඩායම් තුනටම මෙදින ජයග්‍රහණ අත්විය. සුගන්ධිකා කුමාරි සහ ඉනෝකා රණවීර ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කරන පන්දු යවන්නියන්ය.

     සී.සී.සී. සහ බදුරලිය අතර තරගයේ දී සී.සී.සී. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා නායිකාව විශ්මි ගුණරත්න (ලකුණු 57යි පන්දු 58යි හතරේ පහයි හයේ පහර දෙකයි) සහ සඳලි වීරසිංහ (ලකුණු 37යි පන්දු 79යි හතරේ දෙකයි) සී.සී.සී. ප්‍රථම කඩුල්ලට පන්දුවාර 22කදී ලකුණු 99ක් රැස් කළ අතර මේ තරගයෙන් සී.සී.සී.ට ලකුණු 35ක ජයක් ද අත්විය. පරාජිත බදුරලිය කණ්ඩායමේ රශ්මි නේත්‍රාංජලී ද ලකුණු 62ක් (පන්දු 117යි හතරේ තුනයි හයේ පහරයි) රැස් කිරීමට මෙදින සමත් වුවාය.

     මෙදින ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් වුයේ චිලව් මේරියන්ස් , නාවික හමුදාව, යුද හමුදාව, එස්.එස්.සී., කෝල්ට්ස්, පාණදුර සහ සී.සී.සී. කණ්ඩායම්ය.

    • චිලව් මේරියන්ස් කඩුලු 10කින් ගෝල් පරාජය කරයි

     ගෝල් පන්දුවාර 25කදී කඩුලු 9ට 22යි – (පුන්සරණි ප්‍රබෝධා 05, මිහිඳි ඕවින්දි 03, සචිනි නිසංසලා 8/4, කාව්‍යා කවිඳි 3/2, සඳුනි නිසංසලා 5/2)

    චිලව් මේරියන්ස් කිසිවකු නොදැවී 25 (පන්දුවාර 3යි) – (කාව්‍යා කවිඳි නොදැවී 14, මල්ෂා මධුෂානි නොදැවී 10යි)

    • නාවික හමුදාව කඩුලු 8කින් ඒස් කැපිටල් පරාජය කරයි

    ඒස් කැපිටල් පන්දුවාර 22කදී සියල්ල දැවී 67යි – (ජනාදි අමාලි 21, හර්ෂණී පෙරේරා 18, දහමි සේනාරත්න 15, ඉනෝකා රණවීර 14/5, රශ්මි සිල්වා 15/3)

    නාවික හමුදාව පන්දුවාර 15.2කදී කඩුලු 2ට 68යි – (හර්ෂිතා සමරවික්‍රම නොදැවී 30, හංසිමා කරුණාරත්න නොදැවී 17, හසිනි පෙරේරා 19, ජනාදි අමාලි 19/1යි)

    • යුද හමුදාව කඩුලු 9කින් බී.ආර්.සී. පරාජය කරයි.

     බී.ආර්.සී. පන්දුවාර 36කදී සියල්ල දැවී 60යි – (උමයංගනා පීරිස් 18, වනීෂා රුද්‍රිගෝ 16, ලිහන්සා ද සිල්වා 10, සුගන්ධිකා කුමාරි 7/6, නිමාෂා මධුෂානි 13/2යි)

    යුද හමුදාව පන්දුවාර 11.1කදී කඩුලු 1ට 63යි – (අනුෂ්කා සංජීවනී නොදැවී 34, ඉමල්කා මෙන්ඩිස් 21, දෙව්නි ෆර්ඩිනැන්ඩු 10/1යි)

    • එස්.එස්.සී. කඩුලු 8කින් ටැමිල් යුනියන් පරාජය කරයි

    ටැමිල් යුනියන් පන්දුවාර 30.5කදී සියල්ල දැවී 66යි – (ප්‍රියංගිකා වනසිංහ 15, ෂානි පෙරේරා 14, ශාලිනි දසනායක 09, අසේනි තලගුණේ 9/3, ඉරේෂා ශ්‍යාමලී 18/2, චමෝදි ප්‍රබෝධා 8/2)

    එස්.එස්.සී. පන්දුවාර 14.4කදී කඩුලු 2ට 67යි – (අසේනි තලගුණේ නොදැවී 32, ඉරේෂා ශ්‍යාමලී 10, හෝප් ද සිල්වා නොදැවී 10, නිමේෂා තරුණි 11/1යි)

    • කෝල්ට්ස් කඩුලු 7කින් කුරුණෑගල යූත් පරාජය කරයි

     කුරුණෑගල යූත් පන්දුවාර 46.1කදී සියල්ල දැවී 64යි – (ධනෝද්‍යා සෙව්මිණි 17, තරුෂි උත්පලා 11, ධරණි දිසානායක 06, කෞශල්‍යා ජයවර්ධන 13/3, චමරි ලක්ෂානි 13/2, නිලක්ෂි කාවින්ද්‍යා 12/2යි)

     කෝල්ට්ස් පන්දුවාර 19.2කදී කඩුලු 3ට 65යි – (උදේනි කුරුප්පු ආරච්චි 20, නිලක්ෂි කාවින්ද්‍යා නොදැවී 12, චමෝදි දේවින්ද්‍යා 10, දනුලි තෙන්නකෝන් 21/2යි)

    • පාණදුර ලකුණු 9කින් එන්.සී.සී. පරාජය කරයි

    පාණදුර පන්දුවාර 27.5කදී සියල්ල දැවී 100යි – (අමාදි විජේසිංහ 28, පියුමි වත්සලා 18, රශ්මිකා සෙව්වන්දි 18, ඉමාෂා චලනි 5/4, විශ්මි සොයිසා 21/3, හර්ෂණී විජේරත්න 22/2)

    එන්.සී.සී. පන්දුවාර 43.5කදී සියල්ල දැවී 91යි – (ශෂිනි පෙරේරා 18, ගීත්මා මයන්ති 14, හර්ෂණී විජේරත්න 09, ලක්ෂි අභිමානි 09, රිස්මි සංජානා 8/6, පියුමි වත්සලා 11/2)

    • සී.සී.සී. ලකුණු 35කින් බදුරලිය පරාජය කරයි

     සී.සී.සී. පන්දුවාර 46.3කදී සියල්ල දැවී 171යි – (විශ්මි ගුණරත්න 57, සඳලි වීරසිංහ 38, කෞෂානි නුත්‍යාංගනා 20, ශිකාරි ද සිල්වා 14, ලිම්මි තිලකරත්න 12,  විහාරා සෙව්වන්දි 34/3. සෙව්මිණි ශෂිකලා 30/2)

     බදුරලිය පන්දුවාර 50දී 136යි – (රශ්මි නේත්‍රාංජලී 62, පූජා රශ්මි 10, ශෂිනි ගිම්හානි 08, හිමාෂා පෙරේරා 16/2, පමෝදා ෂයිනි 22/2, ශෂිනි ලියනගේ 24/2, නෙත්මි පෙරේරා 35/2)

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments