Homeක්‍රීඩාඅවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: සුපිරි 6 පළමු...

අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි බෙයුමාස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

මූලික වටයේ ලද ප්‍රසාද ලකුණු සමඟ ශ්‍රී ලංකාව එම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ ප්‍රසාද ලකුනු 03 ක් ලබා ගනිමිනි. බංග්ලාදේශයට එරෙහිව ලද සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේ තරගයේ ජයග්‍රහණය සමඟ ප්‍රසාද ලකුණු 06 ක් සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 4.567 ක් රඳවා ගැනිමට සමත්ව සිටින ඉන්දියාව එම සටහනේ පෙරමුණේ පසුවද්දී ඔස්ට්‍රේලියාව ප්‍රසාදා ලකුණු 6 ක් සමඟින් දල ලකුණු ලබා ගැනීමේ වේගය 2.176 ක් රඳවා තබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේ සහභාගිවන මීළඟ තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ජනවාරි 29 වැනිදා බංගිහිදී පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments