මේ කථාව, රෝහිණී කුමාරි විජේරත්න ගේ ඇත්ත පැටිකිරියයි. විවාහයෙන් පමණක් නම වෙනස් වුණු රෝහිණී කවිරත්නගේ නමේ කතාවයි.
ලග්ගල ආසනයක් බවට පත් වුණේ 1960 මාර්තු ඡන්දයේ දී ය. එක්සත් ජාතික පක්ෂයේ ඒකනායක මුදියන්සේලාගේ පහුරේගෙදර මුතුබණ්ඩා 1965 ලග්ගල ආසනය එජාප නාමයෝජනාවෙන් ජයගන්නේය. ලග්ගල ව්‍යාසනයක දී, තමන් ඇඳගෙන හිටපු සරම හැර අන් සියල්ල මිනිස්සුන්ට බෙදා දුන් නිසා ‘ලග්ගල වෙස්සන්තර’ නම් පටබැඳුණු මුතුබණ්ඩා, එදා ලග්ගල හිටපු ප්‍රසිද්ධම මැණික් පතල්කරුවා යි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පහුරේගෙදර මුතුබණ්ඩා, නැත්තම් ‘ලග්ගල වෙස්සන්තර’ ගේ දුව සුමනා පොඩිමැණිකේ යි. ඇය විවාහ වන්නේ, ජම්බුගහ පිටියේ විජේරත්න බන්ඩා සමගයි. ඔහුත් එජාප දේශපාලන පවුලකට සම්බන්ධ කෙනෙක්. කිසි දවසක එජාපයට ජය ගත නොහැකි යැයි කියූ වාමාංශික බලකොටුවක් වූ ලග්ගල, 1977 ජූලි මැතිවරණයේ දී ජේ.පී. විජේරත්න බණ්ඩා ජයගන්නේය. ඔහු ඡන්ද 13,649 ක් ලබන විට ශ්‍රීලනිපයේ (හිටපු ආණ්ඩුකාර ගොපල්ලව පවුලේ) එම්.සී.ගොපල්ලවට හිමිවන්නේ ඡන්ද 10,254 කි. එතැන් පටන්, අඛණ්ඩව 1994 දක්වා ලග්ගල හා මාතලේ මහජන මන්ත්‍රීවරයා වෙනවා. ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍ය, කෘෂි නිශ්පාදන හා අලෙවි කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ද වුණා.
ඒ විජේරත්න බණ්ඩා ගේ දුව තමයි, ජම්බුගහ පිටියේගෙදර රෝහිණී කුමාරි විජේරත්න.
1977 මැතිවරණයෙන් ආර්.එම්. පී.බී. කවිරත්න රත්තොට එජාප මන්ත්‍රී බවට පත් විය. ජේ.ආර්.ජයවර්ධන, ආර්.ප්‍රේමදාස රජයන්ගේ 1977-1994 දක්වාම රත්තොට/මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවිරත්න යි. ඔහු පෞද්ගලික ප්‍රවාහන නියෝජ්‍ය ඇමති, සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය තනතුරු දැරීය.

රත්තොට පුංචි බණ්ඩා කවිරත්න ගේ පුතා රස්නායක මුදියන්සේලාගේ සංජීව බණ්ඩාර කවිරත්න ය. ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන විට අර්ධ යෝජිත/ප්‍රේම සම්බන්ධතාවයකින් රෝහිණි කුමාරි විජේරත්න සමඟ විවාහ විය. සංජීව එවකට ලංකාවේ ජනප්‍රියතම තරුණ දේශපාලනඥයෙකි. ඔහු 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද පත් විය.
රෝහිණී කවිරත්න, 2015 මැතිවරණයෙන් දිනන්නේ මාතලේ පස්වන පරම්පරාවේ පාර්ලිමේන්තු නියෝජනය විදිහට.
මේක රෝහිණී කවිරත්න සම්බන්ධයෙන් ලෝක වාර්තාවක් වන්නේය. රෝහිණී ගේ අත්තා, ඒ කියන්නේ අම්මාගේ පියා වූ මුතුබණ්ඩා (1965 ලග්ගල මන්ත්‍රී) එනම් අත්තා, අප්පච්චි (විජේරත්න බණ්ඩා), මාමා (පි.බී.කවිරත්න), ස්වාමියා (සංජීව කවිරත්න) සහ රෝහිණී කවිරත්න මහජනතාවගේ ඡන්දයෙන්, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් පරම්පරා පහක්, මහජන මන්ත්‍රීවරු බවට පත් වූ තැනක් ලෝක ඉතිහාසයේ වෙන කිසිම තැනක වාර්තාවෙලා නෑ.
රස්නායක මුදියන්සේලාගේ සංජීව බණ්ඩාර කවිරත්න සමඟ රෝහිණී කුමාරි විජේරත්න 1994 මැයි 27 පේරාදෙණිය මහකන්දේ දී විවාහයේ සාක්ෂිකරුවන් වන්නේ ජනාධිපති ආර්.ජයවර්ධන සහ ගාමිණී දිසානායක දෙදෙනා යි. ජේ.ආර්. මංගල සභාවේ දී ‘අද මාතලේ ට හිරු – සදු එක විට පායනවා’ කියලා. එදා ඇය ජම්බුගහ පිටියේගෙදර රෝහිණී කුමාරි කවිරත්න බවට පත්විය. එය ලංකා සමාජයේ ත්, උඩරට විවාහ ක්‍රමයේ ත් සම්ප්‍රදායක් මිස පත්තරේ දාලා නම මාරුකරන ව්‍යවහාරයක් නෙවෙයි.
රෝහිණී, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ, ඉගෙන ගෙන පසුව ගණිත ගුරුවරියක් ලෙස කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය, වේරගම පරාක්‍රම ඇතුළු පාසල් කිහිපයක ජයප්‍රියම විද්‍යා ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කළාය. සිය විශ්‍රාම වැටුප පවා නැති කරගෙන එන ඇය, මාතලේ මැර දේශපාලනයේ උච්චතම අවස්ථාවක දී සිදු වූ පහරදීමකින් කොදුඇට පෙළේ ශල්‍යකර්මයකට පවා ලක්වන්නීය.
පරම්පරා දේශපාලනය ලංකාවට අලුත් දෙයක් නොවේ. නමුත්, 5 පරම්පරාවට වඩා හැකියාවෙන්, දක්ෂතාවයෙන් රෝහිණී කවිරත්න මාතලේ දේශපාලනයේ ස්ථාවර වී ඇත. තමන්ගේ යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් පැත්තක තියලා රෝහිණී මිනිස්සුන්ගේ පැත්තේ සැබෑ නියෝජිතවරිය වුවාය. රෝහිණී, පරම්පරාවෙන් දේශපාලනයට පැමිණි නමුත්, 2015 මාතලේ දේශපාලන රික්තකය පුරවපු චරිතය යි. මාතලේ ප්‍රභු, ධනවත් දේශපාලනය මහපොළොවට ගෙනා චරිතයකි.
මාතලේ රංජය හේරත්