Homeව්‍යාපාරිකDFCC බැංකුවේ ATM/CRM ජාලය තුළ UnionPay කාඩ්පත් භාවිත කිරීමේ පහසුකම හිමිවේ

DFCC බැංකුවේ ATM/CRM ජාලය තුළ UnionPay කාඩ්පත් භාවිත කිරීමේ පහසුකම හිමිවේ

නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය.

මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay ගෙවීම් භාරගැනීමට පහසුකම් සලසා දී තිබිණි. මෙම නව පියවරත් සමග DFCC බැංකුවේ ගෙවීම් භාරගැනීමේ ආවරණ පරාසය තවදුරටත් පුළුල් වන අතර එමඟින් වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආවරණය වනු ඇත. සාමාන්‍ය සංචාරකයන් හා ව්‍යාපාරික සංචාරකයන් ඇතුළුව චීනය, රුසියාව, හොංකොං සහ තවත් රටවල් රැසකින් පැමිණෙන සංචාරකයන් විශාල පිරිසකට මෙය ඉමහත් පහසුවක් වනු නිසැකය.

මෙම නව පියවර, මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන අතරම, විදේශ සංචාරකයන්ට වඩාත් පහසුවෙන් මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයටද කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙනු ඇත. මෙරට ආර්ථිකය වර්ධනය වෙමින් සහ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යමින් පවතින මේ මොහොතේ, UnionPay සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ DFCC බැංකුව මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ දායකත්වයක් දක්වන බැංකුවක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්වනු නිසැකය.

“මෙය චීනය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ රටවල සංචාරකයන්ගේ පැමිණීම මෙන්ම එම රටවල් සම්බන්ධ ආයෝජන සහ ව්‍යාපාර කටයුතුද දිරිගන්වන පියවරක් වේවි. එමෙන්ම මෙය ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වීමට පුළුවන්. ලොව විශාලතම කාඩ්පත් සන්නාමයක් වන UnionPay International හි කාඩ්පත් පිළිගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට පෙරටත් වඩා පුළුල් දායකත්වයක් දැක්වීම DFCC බැංකුවේ ඉලක්කයයි” DFCC බැංකුවේ ප්‍රධාන ඩිජිටල් මෙහෙයුම් නිලධාරී ඔමාර් සහිබ් මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments