රූමත් කුමරියක සිහිසුන්ව සිටින තම පෙම්වතාට සිප ගැනීමෙන් පණ දීමට උත්සහ කරද්දී ඇය සිනමා ඉතිහාසයක් බිහි කළා ය.
සැබෑ ජීවිතයේ යුවළක් වූ දේවිකා රාණි සහ හිමාංෂු රායි රංගනයෙන් දායක වූ – 1933 වසරේදී තිරගත වූ කර්ම නමැති චිත්‍රපටයේ සිප ගැනීම – තොල් සිප ගැනීම සිදු කළ පළමු බොලිවුඩ් සිනමා පටය මෙන් ම “මෙතෙක් සිදුවූ බොලිවුඩයේ දීර්ඝතම සිප ගැනීම” ලෙස පිළිගැනේ. එහෙත්, ඒ දෙක ම සත්‍ය නොවන බව පෙනී යයි.
එවක මාධ්‍ය වාර්තා කළේ, එම සිප ගැනීම මිනිත්තු 4කට වඩා දීර්ඝ වූ බව ය. එය තිරය මත ප්‍රදර්ශනය වූ අවස්ථාවේ සිට ඉන්දියාවේ බොහෝ මිථ්‍යාවන් නිර්මාණය කිරීමේ මාතෘකාවක් බවට පත් විය.
රායි සහ රාණි 1934 වසරේදී ඉන්දියාවේ ප්‍රථම වෘත්තීය සිනමා චිත්‍රාගාරය වන බොම්බේ ටෝකීස් පිහිටවූ අතර එය ඉන්දියාවේ සිනමා කතාබහ සහ ප්රවණතා සැකසීමේ පළමු දශකය තුළ ආධිපත්‍යය දැරූ අතර ඒවායින් බොහොමයක් අද දක්වා ම අනුගමනය කරනු ලැබේ.
මෑතකදී ඉන්දීය ජනාධිපතිවරයාගෙන් ඉන්දියානු සිනමාව පිළිබඳව ලියැවුණු හොඳ ම පොත සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනූ 2020 පළ කරන ලද ග්‍රන්ථයක, එම යුවළගේ හාදුව සහ කැලඹිලිසහගත ජීවිත පිළිබඳව වාර්තා කිරීමට උත්සාහ දරා තිබේ.
“ඒ චිත්‍රපටය හැදුවේ රායි සහ රාණි විවාහ වුණ අලුත. ඒ කාලයේ ඔවුන් දෙදෙනා ගොඩක් ආදරයෙන් හිටියේ. ඒ නිසා තිරය මත සරාගී සිප ගැනීමේ දර්ශන හුවමාරු වීම පුදුමසහගත දෙයක් නොවෙයි,” The Longest Kiss: The Life and Times of Devika Rani ග්‍රන්ථයේ කර්තෘ කිෂ්වාර් දේසායි පවසයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ඒ සමයේ ඉන්දීය සිනමා පටයක සිප ගැනීම් දර්ශන තිබීම “අසාමාන්‍ය දෙයක් නොවන” අතර, 1920 සහ 1930 අතර දශකයේදී සිප ගැනීමේ දර්ශන ඇතුළත් කර තිබුණු බව ත්, ඒ කාලය තුළ ඉන්දීය සිනමා නිර්මාණ සකසා ඇත්තේ, බටහිර ප්‍රේක්ෂාගාරය සඳහා බව ත් කිෂ්වාර් දේසායි පවසන්නී ය.
කර්ම චිත්‍රපටය ද, එකල බොහෝ සිනමා කෘති මෙන් “විදේශීය පෙරදිගවාදයේ” ගිලී තිබිණි.
“ආදර කතාවක්” ලෙස හැඳින්වූ, මිනිත්තු 63ක එම චිත්‍රපටය බ්‍රිතාන්‍ය සිනමාකරුවෙකු වූ ජේ.එල්. ෆ්රීයර් හන්ට් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, එය “සැබෑ රාජකීය මාලිගා සහ පෙරදිග තේජසින් යුත් දර්ශන ඇතුළත්” බවට පුරාජේරු ඉදිරිපත් කර තිබිණි.
ඉන්දීය රාජකීයයන්, කොටි දඩයම, නාගයන් සහ නයි නටවන්නන් වැනි බටහිර ප්‍රේක්ෂකයින් කැමති දර්ශනවලින් එය පිරී තිබිණි.
සිප ගැනීමේ දර්ශනය චිත්‍රපටයේ අවසාන ජවනිකාවේ ඇතුළත් වේ. ඒ, නාගයෙකු දෂ්ට කිරීමෙන් සිහිසුන්ව සිටින කුමාරයාට යළි සිහිය ලබා ගැනීම සඳහා දුකට පත්ව සිටින කුමාරිකාව විසින් කුමාරයා සිප ගැනීමේ දර්ශනයකි.
“ඒක මිනිත්තු 4ක් දිග යි කියන එක මිථ්‍යාවක්. ඒක ඇත්තක් නෙවෙයි,” දේසායි පවසයි. “ඒක බොලිවුඩ් චිත්‍රපටයක දීර්ඝතම සිප ගැනීම නෙවෙයි. ඒක දිගට කෙරුණු එක සිප ගැනීමක් නෙවෙයි. ඒක සිප ගැනීම් මාලාවක්. ඒකෙ වෙලාව මැනල බැලුවොත් විනාඩි දෙකක් ගත වෙන්නෙත් නෑ.”
එමෙන් ම, එම සිප ගැනීම එම චිත්‍රපටයේ ප්රවර්ධක ජවනිකාව ලෙස භාවිත නොකළ බව ද ඇය පවසයි. “ඒක ජනප්‍රිය මිථ්‍යාවක් බවට පත්වුණේ ගොඩක් පස්සේ කාලෙක. ඒක මාධ්‍ය විසින් නිර්මාණය කරන ලද මිථ්‍යාවක්.”
දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තිරය මත සහ ඉන් පිටත ආදරය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම බොහෝ දුරට තහනම් කර ඇත – නමුත් වර්තමානයේ සිනමා නිරූපණ නිර්භීත වී ඇත.
හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් දිල්ලියේදී පැවති උත්සවයකදී බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි සිප ගැනීමට එරෙහිව 2007 වසරේදී විරෝධතා පැවැත්විණි. විරෝධතාකරුවන් රිචර්ඩ් ගියර්ගේ පඹයින් පුළුස්සා දැමුවේ, ඔහු ඉන්දීය සංස්කෘතියට අවමන් කළ බවට චෝදනා කරමිනි.
ඊට වසර කිහිපයකට පසු තරුණ විවාහක යුවළක් දිල්ලියේදී ප්‍රසිද්ධියේ සිප ගත් බවට චෝදනා ගොනු කෙරිණි.
චිත්‍රපට වාරණ මණ්ඩලය ද තරමක් අවදානම් සහගත ඕනෑ ම දෙයක් කෙරෙහි දැඩි අවධානයෙන් සිටී – මීට වසර කිහිපයකට පෙර, සිප ගැනීම් නිරූපණය කළේ මල් එකිනෙක ගැටීමෙන් වන අතර ආශාව ප්‍රකාශ වූයේ කිරි කෝපි කෝප්පයකින් පෙණ නැංවීමට සැලැස්වීමෙනි.
එහෙයින්, කර්ම සිනමා පටය කැපී පෙනෙන්නේ එතරම් කලකට පෙර නිර්මාණය වූ චිත්‍රපටයක සිප ගැනීම් දර්ශන ඇතුළත් වූ නිසා ම ය.
කෙසේ වෙත ත්, චිත්‍රපටය අසාර්ථක විය.
“නිළිය ඔපෙරා ශෛලියට ගායනා කිරීම ඒ ශෛලියට ප්‍රිය නැති ඉන්දීය ජනතාවට සමීප වුණේ නෑ,” දේසායි පැවසීය.
එහෙත්, මෙම චිත්‍රපටය සෑදීමේ අරමුණ වූයේ ජනප්‍රිය කරවා ගැනීම නොව, “බොම්බායේ සිට ලෝක වේදිකාවට ගැලපෙන සිනමා පට නිර්මාණය කළ හැකි බව ලොවට පැවසීමේ ප්‍රදර්ශන කෘතියක් ලෙස” භාවිතා කිරීම බව ඇය වැඩිදුරටත් පවසයි.
“හිමාංෂු රායි ඒ වන විට ත් නැගී එන තාරකාවක් විදිහට යුරෝපයේ සාර්ථක වෙලා හිටියේ. ඒත් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් වෙලා හිටියා. ඔහු ඒ වන විට ත් හිතාගෙන හිටියා බොම්බේ (දැන් මුම්බායි) නගරයේ චිත්රාගාරයක් ස්ථාපනය කරන්න. ඒ වගේ ම ඔහු කර්ම චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් උත්සහ කළේ, හොලිවුඩ් චිත්‍රපටවලට සමාන චිත්‍රපට කරන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න.”
අනාගත ආයෝජකයින් වනාහී බ්‍රිතාන්‍ය ජාතිකයින් හෝ බටහිරවාදී ධනවත් පාර්සි ප්‍රජාවේ සාමාජිකයින් වූ හෙයින් එය අවශ්‍ය වූ බව දේසායිගේ අදහස යි.
“එතනදී තමයි රාණිගේ පැමිණීම උපකාරවත් වුණේ. නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර්ගේ මිණිපිරියක වූ ඇය වයස අවුරුදු නවයේ සිට එංගලන්තයේ පාසල් ගිය තැනැත්තියකි. එමෙන් ම, ඇය “බටහිර අච්චුවේ නිර්මාණය වූ වෙනත් රටකින් පැමිණි” තැනැත්තිය විය.
පස් වන ජෝර්ජ් රජු සහ මේරි රැජිණ ද සහභාගී වන බවට පැතිර ගිය කටකතා මධ්‍යයේ බ්‍රිතාන්‍ය ප්‍රභූ පැලැන්තියේ ප්රමුඛ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ ද සහභාගිත්වයෙන් ලන්ඩනයේ Marble Arch රඟහලේදී කර්ම චිත්‍රපටය උත්කර්ෂවත් ආකාරයෙන් ප්‍රදර්ශනය ආරම්භ කළ බව දේසායි සිය ග්‍රන්ථයේ සටහන් කර ඇත.
මෙම චිත්‍රපටයට ප්‍රශංසනීය ප්‍රතිචාර ලැබුණු අතර, විශේෂයෙන් ම දේවිකා රාණිගේ “රූමත්භාවය සහ තිර පිටපත පිළිබඳව සිනමා විචාරකයින් විස්මයට පත් වූ,” බව ඇය පවසයි.
එක් පුවත්පතක් “ඇයට වඩා ආදරණීය අයෙකු සොයා ගැනීම දුෂ්කර වනු ඇත,” යනුවෙන් ලියා ඇති අතර තවත් පුවත්පතක් “ඇගේ සුන්දර දේහ ලක්ෂණ, දිලිසෙන ඇස් සහ අලංකාර චලනයන්” ගැන ප්‍රසංශා කළේ ය.
මෙම චිත්‍රපටය මගින් එම නිළිය ඇය සමග ම තරගයකට ඇද දැමූ අතර, ඇය “හොලිවුඩ් සහ යුරෝපීය සිනමාව විසින් ආකර්ෂණය කරන ලද ඉන්දියාවේ එක ම ජාත්‍යන්තර කීර්තිමත් තාරකාව,” බවට පත් කළේ ය.
එහෙත්, ඉන්දියාවේ පළමු වෘත්තීයමය චිත්‍රාගාරය පිහිටුවීම සඳහා ඇය රායි සමග ආපසු “අතිශය කාර්ය බහුලත්වයට පත් වූ” මුම්බායි වෙත පැමිණියා ය.
ඇය චිත්‍රපට දුසිමකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ අතර ජනප්‍රිය නළු අශෝක් කුමාර් සමග රිදී තිරයේ සාර්ථක යුවළක් ලෙස, අචුත් කන්‍යා – ස්පර්ශ කළ නොහැකි කත – (මෙහිදී ඇය රඟපෑවේ උසස් කුලයක තරුණයෙකුට පෙම් බැඳි පහත් කුලයේ තරුණියකගේ චරිතයකි) ආදී සාර්ථක චිත්‍රපට ගණනාවකට දායක වූවා ය.
දක්ෂ හා ලස්සන, රාණි ඇගේ රසිකයින්ගේ හදවත් වශී කළ අතර “ඉන්දියානු සිනමාවේ ජනාධිපති ආර්යාව (පළමු ආර්යාව)” ලෙස නම් කරන ලදී. එහෙත්, රායි සමග පැවති සබඳතාව ඉක්මනින් බිඳ වැටීම ඇරඹිණි.
“ඇය ගොඩක් මහන්සි වෙලා වැඩ කළ ත්, ප්‍රමාණවත් අගැයීමක් ලැබුණේ නෑ. රායි විවාහ වෙලා දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා දැන ගත්තාට පස්සේ රායි සමග ඇයගේ තිබුණ සම්බන්ධය ත් බිඳ වැටුණා,” දේසායි පවසයි.
අධික ලෙස උණ වැළඳී අසනීප වූ අවස්ථාවල පවා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට බල කරමින්, ඔහු ඇයට කෲර ලෙස සැලකූ ආකාරය, රායිගේ මරණයෙන් වසර කිහිපයකට පසු ඇය විවාහ වූ ඇගේ දෙවන සැමියා වන රුසියානු චිත්‍ර ශිල්පී ස්වෙතොස්ලාෆ් රෝරිච් වෙත ලියූ ලිපිවල දේවිකා රාණි සටහන් කර තිබිණි.
ඇය බිම වැටී ලේ වහනය වන තෙක් ඔහු පිටපතකින් පහර දුන් බව එක් අවස්ථාවක, ඇය ලියා තිබිණි.
1936 වසරේදී ඇය සහය නළුවෙකු සමග පැන ගිය අවස්ථාවේ ඔවුන් අතර පැවති සබඳතාවයේ ඉරි තැලීම් දක්නට ලැබුණ ද, දේසායි පවසන්නේ, “ඇයට ආදේශ කළ හැකි කිසිවෙකු සැබවින් ම නොමැති වූ නිසා ඇය යළි ත් උණුසුම් ලෙස පිළිගත්,” බව ය.
දෙවන ලෝක සංග්‍රාමයේ ආරම්භය බොම්බේ ටෝකීස් වෙත දැඩි ලෙස බලපෑවේ එහි සමස්ත ජර්මානු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රඳවාගෙන කඳවුරුවල තබනු ලැබූ බැවිනි.
රායි ස්නායු රෝගී තත්ත්වයකින් 1940 වසරේදී මිය ගිය පසු, මධුබාලා සහ දිලිප් කුමාර් වැනි ප්‍රවීණ නළුවන්ට විවේකයක් දෙමින් සහ සුපිරි චිත්‍රපට රාශියක් ඉදිරිපත් කරමින්, දේවිකා රාණි නිෂ්පාදකවරියක ලෙස චිත්‍රාගාරය පවත්වාගෙන ගියා ය.
නමුත් 1945 වසරේදී ඇය තම කොටස් විකුණා ස්වෙතොස්ලාෆ් රෝරිච් සමග විවාහ වී හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචියට ගොස් අවසානයේ බැංගලෝර් වෙත පදිංචියට ගියා ය. ඇය සිය සැමියා අභාවප්‍රාප්ත වූ වසරට පසුව එනම් 1994 වසරේදී ඇය මිය යන තෙක් එහි වාසය කළා ය.
“ඇය රෝරිච් එක්ක විවාහ වුණාට පස්සේ තමයි ඇයට අවශ්‍ය ජීවිතය ඇයට ලැබුණේ,” දේසායි පවසයි.
කෙසේ වෙතත්, රාණි ඉවත්ව ගිය පසු බොම්බේ ටෝකීස් වැඩි කලක් නොපැවතුණු අතර, “එය 1954 වසරේදී නවතා දමන තෙක් වසර කිහිපයක් ප්‍රශ්න මධ්‍යයේ ක්‍රියාත්මක වූ,” බව ඇය වැඩිදුරට ත් පැවසුවාය.
මූලාශ්‍රය – bbc.com/sinhala