Tuesday, June 24, 2025
More
    Homeකාන්තා ලෝකයවීදි සුනඛයෙක් ඇති කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු මොනවාද ?

    වීදි සුනඛයෙක් ඇති කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු මොනවාද ?

    ඇතැමුන් වීදිවල වෙසෙන සුනඛයින්ට රැකවරණය ලබා දීම සඳහා රැගෙන යෑම සහ මාර්ගවල වෙසෙන සුනඛයින්ට ආහාර පාන ආදිය ලබා දීමෙන් සුබසාධනය සැලසීම ශ්‍රී ලංකාවේ විරල නොවන සිදුවීම්ය.

    එවැනි යහපත් චේතනාවෙන් කටයුතු කරන ඔබ, ඔබගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන අංශයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී යේෂාන් ගුරුගේ පැවසුවේය.

    ‘වීදි සුනඛ පැටවුන්ගෙන් ප්‍රවේශම් වන්න’

    විදී සුනඛයින්ගෙන් මිනිසුන්ට ජලභීතිකා රෝගය වැළඳීමට තිබෙන අවදානම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවීම වැදගත් බව ප්‍රජා වෛද්‍ය නිලධාරී යේෂාන් ගුරුගේ පෙන්වා දුන්නේය. ඔහු සඳහන් කළේ, විශේෂයෙන් බලු පැටවුන්ගේ සපාකෑම් වලින් මිනිසුන්ට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව වාර්තා වූ බවයි.

    ” විශේෂයෙන් අප නොදන්නා සුනඛයෙක්ව සුරතල් කිරීමේදී අවදානමක් තිබෙනවා. මේ කියන්නේ පාරේ ඉන්න සතුන්ට කන්න බොන්න දෙන්න එපා කියන එක නෙමෙයි. ඒක ප්‍රවේශමෙන් කරන්න. විදීවල සිටින සුනඛ පැටවුන් ඇති කරන්න කියලා රැගෙන ගිහින් සපාකෑම්වලට ලක්වෙලා ජලභීතිකා රෝගය මිනිසුන්ට වැළදුණු අවස්ථා පසුගිය වසරවලදී අපට වාර්තා වුණා. විශේෂයෙන් මව් සුනඛයාට ජලභීතිකාව නොමැති වුවත් ඇය බිහිකරන පැටවුන්ට ජලභීතිකාව වැළඳුණු අවස්ථා තිබෙනවා.” වෛද්‍යවරයා අවධාරණය කළේය.

    සුනඛ පැටවුන්ට ජලභීතිකා රෝගය වැළදෙන්නේ කෙසේද ?

    සුනඛ පැටවුන්ට ජලභීතිකාව වැළඳෙන හේතුව මෙතෙක් අනාරණය වී නොමැති බවත්, ඇතැම් අවස්ථාවලදී බිහිකරන පැටවුන් අතරින් එක් පැටවෙකුට හෝ දෙදෙනෙකුට රෝගය ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇතැයි, ප්‍රජා වෛද්‍ය යේෂාන් ගුරුගේ සඳහන් කළේය.

    “බොහෝ වේලාවට වීදි ආශ්‍රිතව බිහිවන සුනඛ පැටවුන්ට මේ අයුරින් ජලභීතිකා රෝගය වැලඳෙන ආකාරය ගැන නිශ්චිතව කියන්න හැකියාවක් නැහැ. නමුත් අපි සිතනවා උගුඩුවන් හෝ වෙනත් නිශාචර සතුන්ගේ සපා කෑම්වලට ලක්වීමෙන් ඔවුන්ට එම රෝගය ඇතිවෙන්න ඇති කියලා. අපි අධ්‍යනය කරපු දෙයක් තමයි මේ විදිහට පැටවුන් බිහිවුණු තැන්වලින් සුරතලේට ඇති කරන්න කියලා අරන් යන පැටවුන්ගේ සපාකෑම් නිසා අවාසනාවන්ත විදිහට ජලභීතිකා රෝගය වැළඳුනු පුද්ගලයින් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම නිවසේ ඇතිකරන තමන්ගේ සුරතලා ගැනවුනත් අවධානයෙන් පසුවීම වැදගත්.” ඔහු පෙන්වා දුන්නේය.

    වීදි සුනඛයෙක් ඇති කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ?
    වීදි සුනඛයෙක් ඇති කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි.

    වීදි සුනඛයෙක් ඇති කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද ?

    බොහෝ විට පාරේ සිටින කුඩා සුනඛ පැටවුන් දුටුවිට ඔවුන් අත ගෑමට සහ වඩා ගැනීමට ඇතැමුන් පෙළඹෙන බවත් එවැනි අවස්ථා වලදී තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවීම වැදගත් බවත් වෛද්‍යවරයා පැවසුවේය. නිවසේ ඇති කිරීමට ගෙන යන බලු පැටවෙක් නම් ඊට අදාළව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

    ” සාමාන්‍යයෙන් නිවසේ ඇති කරන්න ගෙනියන සතෙක් නම් ඒ සත්වයාට ජලභීතිකා රෝගයට ලබා දෙන එන්නත ලබා දී ගෙදරට එක්කන් යන එක වඩාත් හොඳයි. ඒ වගේම ගෙදරට ගෙන ගියාට පස්සේ දවස් 14ක් ගත වෙනකම් එම සත්ත්වයාගේ හැසිරීම ගැන හොඳ අවධානයෙන් ඉන්න අවශ්‍යයි. ඒ නිසා සතාව කුඩුවක දාලා තියෙන එක සුදුසුයි. ජලභීතිකාව වැළඳුණු සතෙක් නම් රෝග ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. එතෙක් රැගෙන යන සත්වයින්ව සුරතල් කිරීම වගේ දේවල් අවම කිරීම සුදුසුයි. අපි මේකෙන් අදහස් කරන්නේ වීදි සුනඛයින්ව ඇති කරන්න එපා කියන එක නෙමෙයි. නමුත් එහෙම කරද්දී ප්‍රවේශමෙන් සිටින්න.” ඔහු පැවසුවේය.

    වීදි සුනඛයින් සම්බන්ධ ගැටලුවලට කෙතෙරම් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඊට සාර්ථක විසඳුම් නොලැබීමට ප්‍රධාන හේතුවක් ලෙස මිනිස් ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකි බව වෛද්‍ය යේෂාන් ගුරුගේ පැවසුවේය.
    වීදි සුනඛයින් සම්බන්ධ ගැටලුවලට කෙතෙරම් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඊට සාර්ථක විසඳුම් නොලැබීමට ප්‍රධාන හේතුවක් ලෙස මිනිස් ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකි බව වෛද්‍ය යේෂාන් ගුරුගේ පැවසුවේය.

    වීදි සුනඛ ගැටලුවට පිළිතුරක් නැත්තේ ඇයි ?

    අද වන විට රටේ වීදි සුනඛයින් සම්බන්ධ ගැටලුවලට කෙතෙරම් ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඊට සාර්ථක විසඳුම් නොලැබීමට ප්‍රධාන හේතුවක් ලෙස මිනිස් ක්‍රියාකාරකම් පෙන්වා දිය හැකි බව වෛද්‍ය යේෂාන් ගුරුගේ පැවසුවේය.

    විදි සුනඛයින් වන්ද්‍යකරණ සැත්කමවලට ලක් කළ ද ඔවුන්ගේ ගහණය පාලනය කිරීමට අපොහොසත් වී ඇත්තේ මිනිසුන් වගකීම් විරහිතව ඇතැම් අවස්ථාවන් වලදී කටයුතු කිරීම නිසා බව ඔහු කියා සිටියේය.

    ” අපි සෑම වසරකම විදි සුනඛ ගහණය පාලනය කරන්න වඳ සැත්කම් කරනවා. නමුත් සුනඛයින් අඩු වෙන්නේ නෑ. මේකට එක් ප්‍රධාන හේතුවක් තමයි ඇතැම් මිනිස්සු තමන්ගේ නිවසේ ඇති කරන සුනඛයින් පැටවූ බිහි කලාම ඒ සතුන්ව පාරට ගෙනවිත් දානවා. මේ කියන්නේ අර හොඳ ජාතියේ සුනඛ පැටවූ ගැන නෙමෙයි. මේකෙන් වෙන්නේ වීදි සුනඛයින්ගේ ගාන වැඩි වෙනවා. ඒ නිසා ජනතාව අවධානයෙන් සිටින එක වැදගත්. අද වෙද්දී අපි සාමාන්‍යයෙන් නිරීක්ෂණය කරලා තියෙන දෙයක් තමයි සෑම මිනිසුන් අට දෙනෙකුට එක් වීදි සුනඛයෙක් ඉන්නවා කියන එක.” ඔහු කියා සිටියේය.

    වසරකට සතුව සපාකෑම්වලට ලක්වන ප්‍රමාණය කොපමණ ද ?

    සතුන්ගේ සපාකෑම් වලට ලක්වන පුද්ගලයින් ලක්ෂ දෙකහමාරක් වසරකට වාර්තා වන බවත්, ඉන් බහුතරයක් සුනඛ සපාකෑම් වලට ලක්වූ පිරිස් බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ පැවසුවේය.

    ඔහු පැවසුවේ එලෙස සපාකෑම් වලට ලක්වන පුද්ගලයින් අතරින් ලක්ෂයකට ආසන්න පිරිසකට රජය විසින් එන්නත් ලබා දෙන බවය.

    “පසුගිය වසර 10ක කාල සීමාවේදී සෑම වසරකම ජලභීතිකාව වැළඳී සිදුවූ පුද්ගල මරණ 25-30ත් අතර ප්‍රමාණයක් වාර්තා වූ බව අප නිරීක්ෂණය කර තිබෙනවා. මේ වසරේ දැනට ජලභීතිකා රෝගය වැළඳිලා පුද්ගල මරණ 12ක් වාර්තා වෙලා තිබෙනවා. ඉන් 8 දෙනෙකුම තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයින්ගේ සපාකෑම් නිසා රෝගයට ගොදුරුවුණු අය.” සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    උපුටා ගැනීම – bbc.com/sinhala වෙබ් අඩවියෙනි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments