Tuesday, June 24, 2025
More
    Homeව්‍යාපාරිකකාන්තාවන්ට සුදුසුම ස්ථානය ලෙස යූනියන් ඇෂුවරන්ස් කිරුළු දරයි

    කාන්තාවන්ට සුදුසුම ස්ථානය ලෙස යූනියන් ඇෂුවරන්ස් කිරුළු දරයි

    යූනියන් ඇෂුවරන්ස් අනුගමනය කරන්නේ සැමට ජයග්‍රාහීව ඉදිරියට යෑමට හැකියාව සලසන විවිධත්වය, සමානත්මතාව සහ සහභාගිත්වය (DE & I) ඉහළින්ම පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියකි. සමාගමේ ව්‍යුහගත උපායමාර්ගික කාර්ය රාමුව සැලසුම්කර ඇත්තේ විශේෂයෙන්ම නායකත්ව සහ සාම්ප්‍රදායික නොවන තනතුරුවල විවිධ කාර්යභාරයන් ඉටුකරන කාන්තාවන් සඳහා ක්‍රියාකාරී ලෙස ඉඩකඩ සැලසීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සාම්ප්‍රදායික සම්මත ක්‍රමවේද වෙනස් කරන සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් අසමානතා ඉවත් කරන නම්‍යශීලී සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහාය.

    සමාගමේ කාන්තා – කේන්ද්‍රීය නව වැඩසටහන් අතර වඩාත් කැපීපෙනෙන අදියරක් වන්නේ ‘GROW’ නමැති සැලසුමය. වර්ධනය (Growth) සහ සංවර්ධනය (Development), ඇගයීම (Recognition), අවස්ථා (Opportunities), සහ සුවසෙත (Well-being) යන කරුණු වෙනුවෙන් යොදා ගැනෙන තනි වචනයක් වන GROW යනු කාන්තාවන්ට පෞද්ගලික මෙන්ම වෘත්තීමය වශයෙන් ද සහාය ලබාදීම සඳහාම වෙන්ව ඇති කාර්යක්ෂම සැලසුමකි. ඒ ඔස්සේ යූනියන් ඇෂුවරන්ස් විසින් කණ්ඩායම් සාමාජිකාවන්ගේ පිරිපුන් මූල්‍ය, මානසික සහ කා යික සුවසෙත සැලසීම අරමුණු කර ගනිමින් සුවිශේෂ වශයෙන් සැකසූ පුහුණු හා සංවර්ධන අවස්ථා, ඇගයීම් වැඩසටහන්, ජාලකරණයන් සහ උපදේශන වැඩසටහන් මෙන්ම සම්පත් ද පිරිනමනු ලබයි.

    කුසලතා පාදක ක්‍රමයක් අනුගමනය කරමින් සැබැවින්ම සම අවස්ථා සපයන සහ කිසිදු අයෙකු අපහසුතාවට පත්කිරීමට කිසිදු ඉඩක් නොතබන ප්‍රතිපත්තියක් පවත්වා ගන්නා සේවා ආයතනයක් ලෙසද යූනියන් ඇෂුවරන්ස් සුවිශේෂ වෙයි. එසේම, ජෝන් කීල්ස් සමූහයට අයත් සමාගමක් ලෙස දරුවකු උපත ලද හෝ අරන් හදාගන්නා අවස්ථාවේදී දින 100ක සම මාපිය නිවාඩු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන, ඒකීය ජෝන් කීල්ස් සන්නාමය යටතේ ඒකාබද්ධිත සමූහයේ විවිධාංගීකරණය, සමානාත්මතාව සහ අන්තර්ගතකරණය සහිත කාර්ය රාමුවට අනුකූලව යූනියන් ඇෂුවරන්ස් සිය නව වැඩසටහන් පවත්වාගෙන යයි. මෙකී නිවාඩු ප්‍රතිපත්තිය මඟින් මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් මාපිය දෙදෙනාගේම කාර්යභාරය හඳුනාගනිමින්, සාමූහික මාපිය වගකීම් ප්‍රවර්ධනය කිරීම මෙන්ම මාතෘ නිවාඩු පිළිබඳව ඇතිවිය හැකි ගැටලු හේතුවෙන් කාන්තාවන් සේවයට බඳවා ගැනීමේදී ඇතිවන අපහසුතාවන් වැළැක්වීම ද අරමුණු කර ගැනෙයි.

    පසුගියදා හිමිවූ ඇගයීම පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන මහජන නිලධාරිනී නිසංසලා පරණයාපා මෙසේ පැවසුවාය: “යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විවිධාංගීකරණය, සමානාත්මතාව සහ අන්තර්ගතකරණය කියන්නේ අපේ සමාගම් සංස්කෘතිය තුළ ගැඹුරින් මුල්බැස ඇති මූලික වටිනාකම් වන අතර, ඒවා අප කරන හැම දෙයකින්ම පිළිබිඹු වෙනවා. අපේ ප්‍රතිපත්ති සහ කාර්ය රාමු මඟින් විශිෂ්ට ප්‍රතිඵල ලැබී ඇත්තේ 49%ක කාන්තා නියෝජනයක් සහිතව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධ සැබෑ සමානාත්මතා තත්ත්වයක් හිමිකර දෙමින් වන අතර, එය අපට අතිශයින්ම ආඩම්බර විය හැකි ජයග්‍රහණයක්. මේ සම්මානයෙන් අපේ නොසැළෙන ස්ථාවරත්වය යළි තහවුරු වන අතර, මේ ඇගයීම වෙනුවෙන් අපි AICPA & CIMA සහයෝගීතාවයෙන් සැටින් සඟරාව විසින් පවත්වන ලද කාන්තාවන්ට හිතකර සේවා ස්ථාන සම්මාන උළෙලට අපේ කෘතවේදීත්වය පළකරනවා. ඉදිරි ගමන්මඟ පුරා දීර්ඝ-කාලීන බලපෑමක් ඇතිකිරීමේ අරමුණ ඇතිව අපේ කාර්යභාරයන් ඉහළ නැංවීමට අප නිබඳව කැපවී සිටිනවා.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments