Tuesday, June 24, 2025
More
    Homeව්‍යාපාරිකNDB වෙතින් ව්‍යවසායකත්ව සම්මන්ත්‍රණ මාලාවක්

    NDB වෙතින් ව්‍යවසායකත්ව සම්මන්ත්‍රණ මාලාවක්

    මෙම වැඩසටහන සඳහා ව්‍යවසායිකාවන් 40ක් පමණ සහභාගි වූ අතර, වර්තමාන ආර්ථික වාතාවරණය තුළ ව්‍යවසායකයන්ගේ දිගුකාලීන සාර්ථකත්වය සහතික කිරීම සඳහා ව්‍යාපාරයක් සැලසුම් කිරීම, අපනයන කෙරෙහි වන නැඹුරුව සහ ඩිජිටල් ව්‍යාපාරික උපායමාර්ග පිළිබඳ ගැඹුරු පැහැදිලි කිරීම් මෙම වැඩසටහනෙහි අන්තර්ගත විය.

    මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව එහි NDB අරලිය සංකල්පය යටතේ සැලසුම් කළ මූල්‍ය සහ මූල්‍ය නොවන සේවාවන් සැපයීම අරමුණු කරගත් ප්‍රයත්නයක ආරම්භයයි. මෙවන් වැඩසටහන් හරහා NDB බැංකුව මූල්‍ය විසඳුම් ලබාදෙනවා පමණක් නොව, ව්‍යවසායිකාවන් හට දියුණු වීමට, නව්‍යකරණයන් ඉදිරිපත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක විය හැකි

    පරිසරයක් නිර්මාණය කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

    NDB බැංකුව, දේශයේ ව්‍යවසායිකාවන් නඟාසිටුවීමේ සිය මෙහෙවර අඛණ්ඩව ඉටු කරන අතර, අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීමට සහ දිනෙන් දින වෙනස් වන ආර්ථික පරිසරය තුළ සාර්ථක වීමට ඔවුන්ට අවශ්‍ය මූල්‍ය හා මූල්‍ය නොවන සම්පත් සහ ඊට සරිලන දැනුම පිරිනමයි. NDB බැංකුව ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුවයි. NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි.

    විශිෂ්ටත්වය සඳහා වූ Euromoney Award 2024 සම්මාන උලෙළේදී NDB ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර, Asian Banking and Finance Magazine 2024 මඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුකරණයේ වසරේ දේශීය බැංකුව ලෙසත් ශ්‍රී ලංකවේ දේශීය මූල්‍ය ව්‍යාපෘති සඳහා වන වසරේ බැංකුව ලෙසත් NDB බැංකුව සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, ප්‍රාග්ධන වෙ‍ෙළඳපළ ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසක් හා එක්ව අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපළ සේවා සමූහයක් පිහිටුවා ඇත. තවද, ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බලගැන්වෙන අර්ථවත් මූල්‍ය හා උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටී.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments