Homeකාලීන පුවත්ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉන්ධන හිඟය ගැන කළ හෙළිදරව්ව

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉන්ධන හිඟය ගැන කළ හෙළිදරව්ව

කිසිඳු පිරවුම් හලක හෝ ඉන්ධන හිඟ වීමේ කිසිඳු හේතුවක් නැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා අවධාරණයෙන් පැවසුවේය.

අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී, මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා මේ බව අවධාරණය කළේ ය.

ඒ අනුව, මෙරට ප්‍රමාණවත් තෙල් තොග තිබෙන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයීම වෙනුවෙන් රජයේ ආයතනයක් වශයෙන් එම වගකීම ලංකා ඛනිජතෙල් සංස්ථාව භාර ගන්නා බවත්, ජනක රාජකරුණා මහතා පැවසුවේ ය.

රටට කිසිඳු ගැටලුවකින් තොරව බලශක්ති අවශ්‍යතාවය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවත්, දැනට තෙල් තොග සංචිත අවසන් වූ වහාම United Petroleum සතු ශෙඩ් 64ක ප්‍රමාණය සඳහා තෙල් සංස්ථාවෙන් තෙල් නිකුත් කිරීමට අමාත්‍යංශයේ ලේකම්වරයා, united Petroleum සහ තෙල් සංස්ථාව එක්ව මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments