Homeකාලීන පුවත්ඖෂධ හිඟය මඟ හැරීම සඳහා ජාත්‍යන්තර ආයතනික ක්‍රම

ඖෂධ හිඟය මඟ හැරීම සඳහා ජාත්‍යන්තර ආයතනික ක්‍රම

සමස්ත සෞඛ්‍ය පද්ධතියේ කලින් කලට මතුවන ඖෂධ හිඟය මැඩලීම සඳහා ජාත්‍යන්තර ආයතනික ක්‍රම අධ්‍යයනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය කෂේත්‍රය තුළ ආයතින සබඳතාවයන් නොමැති වීම හේතුවෙන් ඖෂධ සම්පාදන ක්‍රමවේදය මන්දගාමී තත්ත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඖෂධ සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ආයතන කිහිපයක් පවතින නමුත් ඔවුන් හා සෞඛ්‍ය අමාත්‍යංශය අතර පැවැති සම්බන්ධීකරණය ඉතාමත් දුර්වල තත්ත්වයක පවතින බව නිරීක්ෂණය වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ කර ඇති බවත් එම ඖෂධ උසස් ගුණාත්මක තත්ත්වයෙන් හා අඛණ්ඩ සැපයුමකින් පැවතිය යුතු බවත් පැවසූ ඒ මහතා නිසි කලට ඖෂධ ලැබීම හා ඒවා මහජනයාට මිලදී ගත හැකි මුදලකින් යුක්ත විය යුතු බව පෙන්වා දුන්නේය.

රජය හා ඖෂධ සැපයුම් ආයතන සිය කාර්යයභාරය ඉටු කිරිමේදී මූලාරම්භයේ සිටම නිසි සම්බන්ධීකරණයක් නොමැති අකාර්යක්ෂම තත්ත්වයේ පැවති නිසා ගැටලු රැසක් මතු වී ඇතැයිද, පවතින ගැටලු නිරාකරණය කොට අඛණ්ඩ හා කාර්යක්ෂම ඖෂධ සැපයුමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දෙන බව අවධාරණය කළේය.

නිසි ප්‍රමිතියෙන් යුක්තව දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව කී හංසක විජේමුණි මහතා, ශ්‍රී ලංකාවේ විශාල පරිමාණයෙන් අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වන විට සිය අවධානය යොමු කොට ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments