Monday, June 23, 2025
More
    Homeක්‍රීඩාතාරකා සදරේණු පෙරේරා: කායවර්ධන ලෝක ශූරිය කටුනායකට

    තාරකා සදරේණු පෙරේරා: කායවර්ධන ලෝක ශූරිය කටුනායකට

    තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ  ක්‍රීඩිකාවන් සහභාගී වන,I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ කාන්තා ෆිෂික්ස් ( Woman Physique ) අංශය යටතේ තරග කර එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගෙන රිදී පදක්කමක් හිමි කර ගත් තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඊයේ (02)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

    මෙම තරගාවලිය 11/30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .

    රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර , මෙම ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ” ඔලිම්පියා “‘ ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබේ .

    තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී සිටියාය .

    තාරකා සදරේණු 12/02 දින රාත්‍රී 10.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

    ඇය පිළිගැනීම සදහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments