Tuesday, June 17, 2025
More
    Homeකාලීන පුවත්රඳවා ගැනීමේ බදු සහනය ලබා ගැනීමට ස්වයං ප්‍රකාශය බැංකුවට ලබා දෙන්න -...

    රඳවා ගැනීමේ බදු සහනය ලබා ගැනීමට ස්වයං ප්‍රකාශය බැංකුවට ලබා දෙන්න – දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු‍ව

    යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩුනම්,  එවැනි පුද්ගලයින්ට ස්වයං ප්‍රකාශයක් ලබාදී “රඳවා ගැනීමේ බදු“ සහනය ඉල්ලුම් කළහැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු‍වේ  නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ බදු සංශෝධන සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා  අද(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.

    එසේ ඉල්ලුම්  කිරීමේදී ඔවුන් සතුව “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය“ (TIN) තිබීම අනිවාර්යය වුවද,  ජනතාවගේ  පහසුව සඳහා  දැනට  TIN  අංකය  නැතත් , එම ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් වුවද  ප්‍රමාණවත් බව ඒ මහතා පැවසීය.

    පොලී ආදායම සියයට 10 ක අනුපාතයකින් අත්තිකාරම් ආදායම් බද්දට (රඳවා ගැනීමේ බද්ද) යටත් වන නමුත්, තක්සේරු වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18 ක පුද්ගලික සහන මුදල නොඉක්මවන අයකුට පොලී ගෙවීම් මත රඳවා ගැනීමේ බදු සහනය ඉල්ලා සිටියහැකි බවද ඒ මහතා පැවසීය.

    නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ තමාගේ නමින් ඇති සියළුම ගිණුම් විස්තර මෙම ප්‍රකාශයේ තිබිය යුතු බවත්,  ඕනෑම බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් හෝ දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය  කාර්යාල හෝ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මෙම ස්වයං ප්‍රකාශ අයදුම්පත්‍රය භාගත කරගත හැක.වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් සඳහා එම ප්‍රකාශය තමන්ගේ භාරකරු විසින් පුරවා  ඉල්ලුම් කළ හැක.

    මේවන විට මහජනතාව බොහෝ ප්‍රමාණයක්  ටින් අංකය ලබා ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත  පැමිණෙන බවත්, මහජනතාව අපහසුවට පත් නොවීමට මෙම මාසයේ ටින් අංකය නොමැති ව වුවද එම ස්වයං ප්‍රකාශය  පමණක් ප්‍රමාණවත් බවත්  ඒ මහතා පැවසීය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments