Homeළමා ලෝකයවෙළෙඳපොළේ ඇතැම් පැන්සල්වල 'දරුවන්ගේ සිරුරට අහිතකර' රසායනික ද්‍රව්‍ය රැසක්

වෙළෙඳපොළේ ඇතැම් පැන්සල්වල ‘දරුවන්ගේ සිරුරට අහිතකර’ රසායනික ද්‍රව්‍ය රැසක්

වෙළෙඳපොළේ පවතින බොහෝමයක් පැන්සල්වල දරුවන්ගේ සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය රැසක් අන්තර්ගත බවට වෛද්‍යවරුන් අනාවරණ කරයි. ඒ හේතුවෙන් පැන්සල් මුඛයෙන් සැපීමෙන් දරුවන් දීර්ඝ කාලීන රෝග රැසකට ගොදුරු විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අඟවයි.

පාසල් දරුවන් භාවිත කරන පැන්සල් විවිධ වර්ණවලින් අද වෙළෙඳපොළේ දක්නට ලැබෙයි. බොහෝමයක් ආනයනික පැන්සල්වල පවතින වර්ණගැන්වීම් හා ආකර්ශනීය බව නිසාම එවන් පැන්සල් මිලට ගැනීමට දරුවන් දක්වන්නේ දැඩි කැමැත්තකි.

පැන්සලෙන් ලිවීමේදී, පැන්සල් උල් කිරීමේදී, එම පැන්සල් මුඛයෙන් සැපීම දරුවන් සිදුකරන්නේ ඔවුන්ටත් නොදැනීමයි. පැන්සල්වල මෙම ආකර්ශනීය බව ලබාගැනීමට ඒවාට රසදිය, ආසනික්, කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය සහ බැර ලෝහ විශාල ප්‍රමාණයක් ආලේප කිරීම සිදුවෙයි.

එමනිසා පැන්සල් සැපීමේදී  දරුවන්ගේ සිරුරට ඇතුළුවන මෙම රසායනික ද්‍රව්‍ය දරුවන්ගේ සිරුරට කරන බලපෑම සුළු පටු නැත. පැන්සල් හා පාට පැන්සල් නිෂ්පාදනයට අන්තර්ජාතික ප්‍රමිතියක් ඇති අතර EN71 – 3 ප්‍රමිතියට සහතිකකර ඇති පැන්සල් බැර ලෝහ වර්ග 19කින් සිරුරට ආරක්ෂාව ලබාදෙයි. නමුත් වර්තමානයේ වෙළෙඳපොළේ පවතින බොහෝ පැන්සල් මෙම අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූල නොවන බව වාර්තා වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments