Tuesday, June 17, 2025
More
    HomeSMEs GuideSMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’

    SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’

    ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සහ පරාටේ නීති සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කරුණු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන්වේ.

    පරාටේ නීති සහනය දීර්ඝ කිරීම – හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මෙම දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයා ගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත් වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.

    සහන පැකේජය – ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99% කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් ලබා දී තිබේ.රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැණුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් ලබා දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.

    රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මෙම සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments