Wednesday, January 22, 2025
More
    Homeව්‍යාපාරිකSMEs Guide SL: ඔබත් 'ගෘහස්ථව කුඩා ව්‍යාපාරයක් අරඹා' ජීවිතය ආලෝකමත් කරගන්න කැමති...

    SMEs Guide SL: ඔබත් ‘ගෘහස්ථව කුඩා ව්‍යාපාරයක් අරඹා’ ජීවිතය ආලෝකමත් කරගන්න කැමති ද ?

    පසුගිය දශක පහක් දහයත් අතර කාලය තුළ බිහි වූ ව්‍යාපාර දෙස බැලීමේ දී ඉන් බහුතරයක්ම ආරම්භකර ඇත්තේ ගෘහාශ්‍රීතව බව තහවුරු වේ. ස්වකීය හැකියාව උනන්දූව හා නිර්මාණශීලීත්වය උපයෝගීකරගෙන ගොඩනගාගත් කුඩා පරිමාණයේ ව්‍යාපාර බහුතරයක් අර්ධ කාලීන වශයෙන් ආරම්භ කරන ලද ඒවාවෙති. ඉන් අනතුරුව සාර්ථකත්වයට එළඹීමේ දී පූර්ණකාලීනව ඒ සහා යොමුවී ගෘහස්ථයෙන් පිටත ස්ථාගතකර එම ව්‍යාපාර පවත්වා ගෙන යාමට යොමු වූ ආකාරය දැකගත හැකි වේ. කෙසේ වුවද ගෘහස්ථව ආරම්භකරන ලද කුඩා ව්‍යාපාර බොහොමයකම නිර්මාපකයින් කාන්තාවෝ වෙති. අනතුරුව ඒ සහා සහායදීමට පසු කාලීනව පවුලේ සාමාජිකයින් එකතුවී ඇති ආකාරය දක්නට ලැබේ.

    සේවා සැපයීම් පදනම් කරගත් බහුතරයක් වූ ගෘහාශ්‍රීත කුඩා පරිමාණ ව්‍යාපාර අතර අපනයනය සඳහා විසිතුරු පත්‍රික ශාකවැවීම, කැපූමල් ව්‍යාපාර, මල් හා විසිතුරු පැළ නිෂ්පාදනය හා අලෙවිකිරීම, රස කැවිලි නිෂ්පාදනය, කෙටි ක්‍ෂණික ආහාර නිපදවා අලෙවි කිරීම, කෑම පාර්සල් සැකසීම, එළවළු විජලනයකර අසුරා අලෙවි කිරීම, විසිතුරු දැවමය අත්කම් භාණ්ඩ නිපදවීම, ෆැබ්රික් ආශ්‍රීත චිත්‍ර නිර්මාණ වඩාත් කැපී පෙනේ. එපමණක් නොව ධීවර ප්‍රජාව තුල මසුන් ආශ්‍රීත කර්මාන්ත ( කරවල හා ජාඩි නිපදවීම) දැන් වෙරළබඩ පැතිරයමින් පවතී. එමෙන්ම ප්‍රචලිත නොවූවද ප්‍රාදේශීය වශයෙන් විවිධාංගීකරණයවූ නොයෙකුත් රැකියා අවස්ථාවන් සුලබ බව රටතුල සංචාරය කිරීමෙිදී ඔබට දැකගත හැකිවේ. ඒ අනුව ස්වයං රැකියාවශයෙන් කුඩා පරිමාණයේ ව්‍යාපාර පැහැදිලි වශයෙන් ක්‍ෂේත්‍ර හතරක් ඔස්සේ හඳුනාගත හැකිය. එනම් කෘෂි හා වැවිලි කර්මාන්ත ආශ්‍රීතව Agriculture And Plantation Related සත්ව නිෂ්පාදන කළමණාකරනය ආශ්‍රීතව Livestock Management Activities Related ධීවර හා ජලජ සම්පත් ආශ්‍රීතව Fisheries and Aquatic Resource Related හා ගෙතුම් හා අත්කම් භාණ්ඩ ආශ්‍රීතව Knitting and Handy Craft Related වශයෙනි. ස්වකීය නිදහස, ආත්මාභිමානය, ස්වයං තීරණ ගැනීමේ අභිලාශය හා හෘද සාක්ෂිය මත ලබාගත හැකි තෘප්තිමත්භාවය ගෘහාශ්‍රීතව කුඩා ව්‍යාපාර බිහිවීමට මුලිකවී ඇති යථාර්ථවාදී හේතු සාධක වේ.

    ප්‍රාදේශීය වශයෙන් විසිරී පැතිර ඇති අමුද්‍රව්‍ය හා සේවා පහසුකම් මත ඔබට වුවද කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට බොහෝ ඉඩකඩ දැන් විවර වී ඇත. එසේ වුව ද ගෘහාශ්‍රීතව කුඩා ව්‍යාපාරයක් ආරමිභ කිරීමට පෙරාතුව ඔබ විසින් සාදක කිහිපයක් පිළිබඳව සලකා බැලිය යුතු වේ. එනම් අරමුදල් සපයා ගන්නා ආකාරය, ව්‍යාපාරික වටපිටාව පිළිබඳ හැඟීම, වෙළඳපොළ විභවය, ඉලක්ක පාරිභෝගික පිරිස, පවුලේ සාමාජිකයින්ගේ සහයෝගීතාවය, ඔබගේ අරමුණ හා අභිමතාර්ථයයි. එහෙයින් ඔබ විසින් කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට පෙරාතුව ඒ පිළිබදව ඔබගේ සිතෙහි පහලවන අදහස් හා සිතුවිලි පොතක හෝ කඩදාසියක සටහන් කරන්න. අනතුරුව එම කරුණු පහසු හා අපහසු වශයෙන් වර්ගකර හඳූනා ගන්න. ඉන්පසුව වඩාත් හොඳ අවස්ථාවක් බලා ඉතාම පහසු දෙයින් එය ආරම්භ කරන්න. අනුක්‍රමයෙන් ඉතා අපහසු අදියරයන් වෙත යොමුවන්න. ඒ තුලින් ඔබට ඔබේ කුඩා ව්‍යාපාරය උදෙසා අඩිතාලම දමන්න හැකිවනු ඇත.

    ගෘහාශ්‍රීතව ආරම්භ කරන කුඩා ව්‍යාපාරයක් වුව ද එහි කළමණාකරණය අනෙකුත් ව්‍යාපාර හා සැසදීමේ දී නො සලකාහැරිය හැකි ක්‍රියාදාමයක් නොවේ. එහෙයින් ආරම්භක අවස්ථාවේ සිටම ඒ පිළිබදව දැඩි අවධානයෙන් යුතුව ක්‍රියාකිරීම ඥාණාන්විත වේ. ව්‍යාපාරයක නිරතවීම ගනුදෙනු පිළිබදව තාර්කිකව සිතාමතා ක්‍රියාකළයුතු සිද්ධි දාමයකි. විශේෂයෙන්ම පවුලේ ජීවන චර්යාවන් Lifestyle Patterns හා දෛනික ක්‍රියාදාමයන් සමග ඝට්ඨනය වීමකින් තොරව එය පවත්වාගෙන යාම සඳහා බොහෝ කැපකිරිම් කළ යුතු වේ. ආරම්භක අවධියේදීමෙන්ම එය පවත්වාගෙන යන ප්‍රථම වසර ඉතා බැරෑරුම් මුල්‍ය ගැටළු උද්ගතවන ස්වරූපයක් පෙන්වනු ඇත. එහෙයින් ඉන් උපයාගනු ලබන ආදායම ඒ තුලම නැවත නැවත ආයෝජනය කිරීමට කටයුතු කිරීම එහි සාර්ථකත්වයේ පළමු අදියර යැයි පැවසිය හැක. ගෘහස්ථවම ව්‍යාපාරයේ නිරතවන හෙයින් පවුලේ සාමාජිකයින් මෙන්ම නිවස අවට සමාජීය සාමාජිකයින් වුවද ඔබ නිදහසේ සිටිනවා යැයි සිතා ඔබගේ ආධාරය හෝ උපකාරය නිරතුරුව බලාපොරොත්තු වනු ඇත. එහෙයින් ඔවුන් දිනාගෙන කටයුතු කිරීම සදහා ඔබ නම්‍යශීලී වුවත් ත්‍යාගශීලී නොවීමට වග බලා ගන්න.

    ගෘස්ථයේ පවත්වාගෙන යන ඔිනෑම කුඩා පරිමාණ ව්‍යාපාරයක දෛනික කටයුතු සදහා බොහෝ වෙහෙස මහන්සි විය යුතු වේ. එකී කැපකිරීම මත අදාල ව්‍යාපාරයේ සාර්ථකත්වය රඳා පවතිනු ඇත. එහෙයින් පවුලේ සාමාජිකයින්ගෙ සාමුහික බැඳීම හා සහයෝගය ගෘහස්ථ කුඩා ව්‍යාපාර කෙරෙහි දැඩි ලෙස බලපාන බව අවධාරණයෙන් මතක තබා ගන්න. එහෙයින් පවුලේ එකිනෙකා සමඟ ව්‍යාපාරික කටයුතු පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීම සදහා දවසේ වැඩ කටයුතු නිමාකළ පසුව අවම වශයෙන් අඩ හෝරාවක්වත් ඒ සඳහා වෙන් කරන්න. ඒ අනුව ස්වකීය ව්‍යාපාරික කටයුතු කෙරෙහි යම් පමණකින් හෝ ඔවුන් දායකකර ගැනීමට ක්‍රියා කරන්න.

    විශේෂයෙන්ම අඩු ආදායම් තත්වයෙන් මිදීමට හා පවුලේ සාමාජිකයින්ගේ විරැකියාව දුරලීම සඳහා වඩාත් සාර්ථක විසඳුමක් ගෘහාශ්‍රීත වූ කුඩා ව්‍යාපාර තුලින් ඔබටම ගොඩනඟා ගත හැකි වනු ඇත. බොහොමයක් කුඩා පරිමාණ ව්‍යාපාරික කටයුතු සඳහා අවැසි අත්යන්ත්‍ර මෙන්ම එකලා විදුලි බලයෙන් ක්‍රියාකරන කුඩා පරිමාණයේ යන්ත්‍රසූත්‍ර හා මෙවලම් වර්තමානයේ දේශීය වශයෙන් නිපදවා වෙළඳපොලට හඳූන්වාදී ඇත. එපමණක් නොව අසල් වැසි රටවල් වලින් ආනයනය කරන ලද එවැනි මෙවලම් හා යන්ත්‍ර සූත්‍ර පහසු මිල ගනන් යටතේ ඔබට සපයා ගැනීමටද අවස්ථාව දැන් උදාවී ඇත.

    (මෙම ලිපි පෙළ මෙම වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය DevPro ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන SMEs කාන්තා ව්‍යවසායිකාවන් ප්‍රවර්ධන කිරීමේ වැඩසටහනේ සහ එහි සන්නවේදන ක්‍රියාකාරකමක් වන SMEs Guide SL වෙබ් අඩවිය සහ SMEs Guide SL සඟරාවේ අනුග්‍රහයෙනි. මෙහි අන්තර්ගතයට අදාළ ආයතන වග නොකියන අතර අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම අදාළ ලේඛකයා සතුවේ – සංස්කාරක)

    සටහන – එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

    මෙම ලේඛඛයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස  සේවයකර තිබේ. එසේම පෞද්ගලික අංශයේ ආහාර සැකසුම් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලන කළමණාකරුවකු වශයෙන් ද සේවය කර ඇත. වසර 2005 සිට 2020 දක්වා ජාතික අධ්‍යාපන ආයතනයේ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ (කෘෂිකර්ම)  හා වසර 2000 සිට 2021  දක්වා ඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සම්පත්දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. වසර 2016 සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර ඒකකයේ සම්පත්දායකයෙකු ලෙස කටයුතු කරනු ලැබේ. චින මහජන සමූහාණ්ඩුවේ ආධාරමත අවස්ථා දෙකකදී ද  ජපාන තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අවස්ථා දෙකකදී ද වැඩිදුර අධ්‍යාපනය ලබා ගෙන ඇත.)

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments