Tuesday, June 24, 2025
More
    Homeක්‍රීඩාජාත්‍යන්තර තරු පිරිවරා එන Lanka T10 Super League ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

    ජාත්‍යන්තර තරු පිරිවරා එන Lanka T10 Super League ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

    ප්‍රථම වතාවට පවත්වනු ලබන පන්දුවාර විස්සයි-10 යි ක්‍රිකට් තරගාවලි සඳහා වන ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කවුලුව (Portal) ඔක්තෝම්බර් මස 15 වැනිදා ප.ව. 6.00 සිට  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

    www.srilankacricket.lk වෙබ් අඩෙවියේ පිහිටුවා ඇති මෙම කවුලුව හරහා දේශීය මෙන්ම එතෙර ක්‍රීඩකයින්ටද සිය අයැදුම්පත් භාර දීම සිදු කළ හැක. මෙම තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ලබන ඔක්තෝම්බර් මස 23 වැනිදා දින ප.ව. 6.00 ට හෝ ඊට පෙර තම ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙන්ම ලොව ඉහළම පෙළේ ජාත්‍යන්තර තරු සහිතව ශ්‍රී ලාංකේය ක්‍රිකට් දින දර්ශනයට අලුතින්ම ඇතුළත් වන මෙම ටී-10 තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමකට ජාත්‍යන්තර ක්‍රීඩකයින් 7 දෙනෙකු ද සමඟ සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුක්ත වේ.

    මෙම තරගාවලියේ අයිතිය T Ten Sports Management FZC, T TEN Global Sports FZE සතු වන අතර මෙහෙයවීම අයි.පී.ජී. (Innovative Production Group FZE) ආයතනය විසින් සිදුකරනු ලබයි.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments