Friday, June 13, 2025
More
    Homeකාලීන පුවත්ප්‍රශ්න ලීක් වූ 'ශිෂ්‍යත්වය' යළි පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ප්‍රශ්න ලීක් වූ ‘ශිෂ්‍යත්වය’ යළි පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    සැප්තැම්බර් 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් විසිහත් දෙනෙකු (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.  නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments