Tuesday, June 24, 2025
More
    Homeකාන්තා ලෝකයMAS, කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීමට UNFPA සමඟ අවබෝධතා ගිවිසුමකට

    MAS, කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීමට UNFPA සමඟ අවබෝධතා ගිවිසුමකට

    ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඉකුත් නොවැම්බර් 28 වැනි දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික සෞඛ්‍යය සඳහා සහයෝගය ලබා දීම අරමුණු කරගත් වසරක සහයෝගිතාවයේ ආරම්භය සනිටුහන් කිරීමට මෙම සහයෝගිතාව සමත් විය.

    තවද කාන්තා සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සිදුකරන ආයෝජනය ඉහළ නැංවීමේ ඒකාබද්ධ දැක්මක් තහවුරු කිරීමටද MAS සහ UNFPA අතර වූ මෙම ගිවිසුම තුළින් හැකියාව උදා විය. ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන් සහ ගැහැනු දරුවන්ට තමන්ගේ හඬ අවදි කිරීමට මෙන්ම පොදු ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා එක්වීම වෙනුවෙන් ඔවුන් සවිබලගැන්වීම හා දිරි ගැන්වීමේ උත්සාහයක් ලෙස ද මෙම සහයෝගිතාව පෙන්වා දිය හැකිය. ඒ යටතේ මෙම ආයතන දෙක එක්ව වෛද්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමට, දැනුම්වත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට හා ඇඟලුම් සේවිකාවන් වෙනුවෙන් ආයෝජන කලාපවල සුවතා පහසුකම් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.

    මේ ස ම්බන්ධයෙන් අදහස් දැක්වූ MAS Holdings ප්‍රධාන විධායක නිලධාරි සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ “කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම නිවැරදි මෙන්ම අපගේ ප්‍රජාවන් හා ව්‍යාපාර සඳහා සිදු කළ යුතු බුද්ධිමත් ආයෝජනයක් ලෙසයි මම දකින්නේ. ඒ සඳහා අර්ථවත් වෙනසක් ඇතිකිරීම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් මෙම හවුල්කාරීත්වය තුළින් අපට ලබා දෙනවා. ඇඟලුම් කර්මාන්තයේ කොඳු නාරටිය බඳු කාන්තාවන් වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කරමින් මෙම වැඩසටහනෙහි කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා” යනුවෙනි.

    මෙම හවුල්කාරීත්වයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා MAS සහ UNFPA එක්ව සුවතා මධ්‍යස්ථානයක් වෙනුවෙන් පුළුල් ආකෘතියක් නිර්මාණය කර පරීක්ෂා කිරීමට නියමිතය. ඒ තුළින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වළක්වාගැනීම සඳහා සහාය මෙන්ම මානසික සෞඛ්‍යය සහ මනෝ විද්‍යාත්මක සහයෝගය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගැනීමේ අවස්ථාව ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කරනු ඇත. NFPA හි Return on Investment Tool (ROI-T for Her) යන මෙවලම භාවිත කරමින් සෞඛ්‍ය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ලබාගත හැකි මූල්‍යමය ප්‍රතිලාභ ඇස්තමේන්තුගත කිරීමට මෙහිදී උත්සාහ කරයි. ඒ සෞඛ්‍ය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ලබාගත හැකි මූල්‍ය ප්‍රතිලාභ ඇස්තමේන්තු කිරීම වෙනුවෙනි. එමඟින් මෙම වැඩසටහන්වල වටිනාකම ඉහළ නැංවීමට හා කර්මාන්තයේ කාන්තාවන් හා ගැහැනු දරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය, සුවතාව හා ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම වෙනුවෙන් විවිධ සමාගම් දිරිමත් කිරීමට ද MAS අරමුණු කොටගෙන ඇත.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments