මෙරට සෞඛ්‍ය සේවාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිතා කර මනා කළමණාකරණයක් තුලින් වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැළැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සමග පැවති සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි අන්තර් ජාතික සංවිධාන රැසක් දැනටමත් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ නැංවීමට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ද එකඟත්වය ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය රටවල් අතර සහයෝගීතාව හා සම්බන්ධීකරණය ඉහළ නැංවීම තුලින් මෙන්ම ව්‍යාපෘති නිසි පරිදි කළමණාකරණය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයගෙන පවතින ගැටළු නිරාකරණය කරගත හැකි බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ව්‍යාපෘතින් ඵලදායීව ක්‍රියාත්මක කිරිමට අනුගමනය කරන වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්, එම වැඩපිළිවෙල ඇගයීමට ලක් කරන බව ද පැවසුවාය.
මෙරට ක්‍රියාත්මක වු ව්‍යාපෘති නිසි ඇගයීමකට හා කළමණාකරණයට පියවර නොගැනීම තුල පසුගිය කාලය තුළ බොහොමයක් ඉළක්ක සපුරා ගැනිමටත්, අපේක්ෂිත කරුණු සාක්ෂාත් කර ගැනිමටත් නොහැකිවු බවත් ඉදිරියේ දී එවන් තත්ත්වයක් ඇති නොවීමට නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වන බවද මෙහිදි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සදහන් කළේය.