Homeකාලීන පුවත්‘ලංකා සතොස‘ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

‘ලංකා සතොස‘ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස නිවේදනය කර සිටියි.

  • රටකජු කිලෝවක පැවති මිල රුපියල් 1095ක් වන අතර නව මිල වන්නේ රුපියල් 995කි.
  • දුඹුරු සීනි කිලෝවක පැවැති මිල රුපියල් 340 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 300කි.
  • ආනයනික අර්තාපල්වල පැවැති මිල රුපියල් 210 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 180 කි.
  • රතු කව්පි කිලෝවක පැවැති මිල රුපියල් 795 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 765 කි.
  • හාල්මැස්සෝ කිලෝවක පැවැති මිල රුපියල් 960 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 940 කි.
  • වියළි මිරිස් කිලෝවක පැවැති මිල රුපියල් 845 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 830 කි.
  • බාස්මති සහල්(ප්‍රිමියර්) කිලොවක පැවැති මිල රුපියල් 655 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 645කි.
  • ආනයනික ලොකු ලූණු කිලෝවක පැවැති මිල රුපියල් 240 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 230කි.
  • පරිප්පු කිලෝවක පැවැති මිල රුපියල් 290 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 288කි.
  • සුදු සීනී කිලෝවක පැවැති මිල රුපියල් 242 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 240 කි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments