ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩඩායම් අතර පැවැත්වන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබාගත්හ. ඒ අනුව සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ ඉන්දියානු කාන්තා පිල අවසන් මහ තරගෙයේදී තරග වැදීමට නියමිතය.
දකුණු අප්‍රිකානු පිට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන් කඩුලු 9 කට රැස් කරන ලද 337 ක ලකුණු සංඛ්‍යාව හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 314 ක් පමණිය. ඉන්දියාව ලබාගත් මෙම ලකුණු සංඛ්‍යාව ඔවුන් මෙතෙක් එක්දින තරගයකදී රැස් කරන ලද පස්වැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් වද්දී දකුණු අප්‍රිකානු පිල රැස් කරන ලද ලකුණු 314 සටහන් වූයේ ඔවුන්ගේ දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.
මූලික තරග වටය යටතේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලබන සිකුරාදා තවත් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද මෙතෙක් සහභාගිවුණු තරග වලින් එක් ජයග්‍රහණයක් පමණක් වාර්තා කර ගැනීමට ඔවුන් සමත්ව ඇති බැවින් අවසන් ඔවුන්ට එම අවස්ථාව අහිමි වනු ඇත. එබැවින් එම තරගය ශ්‍රී ලංකාවට නවක ක්‍රීඩිකාවන්ගේ ශක්තිය මැන බැලීම මෙන්ම අවසන් මහ තරගයට පෙර පැවැත්වෙන පෙරහුරු තරගයක් ලෙසින් ක්‍රීඩ කිරීමේ අවකාශ උදාවු ඇත.
දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් අද තරගයේදී ඔවුන්ගේ නිතය නායිකා ලෝරා වොල්වාඩ් ක්‍රීඩා නොකළ හෙයින් කණ්ඩායම මෙහෙයවීම ක්ලෝ ට්‍රියෝන් විසින් සිදුකරනු ලැබුවාය ලකුණු හඹා යෑමේදී ලාරා ගුඩොල් මුලු ලකුණු සංඛ්‍යාව 07 ක්ව තිබියදී දැවී ගිය නමත් ටස්මින් බ්‍රිට්ස් සහ මියන් ස්මිට් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් එක් කළහ. අනතුරුව පිටියට පිවිසි ඇනරී ඩර්ක්සන් පන්දු 80 කද ීලකුණු 81 ක් ද නායිකා ක්ලෝ ට්‍රියෝන් පන්දු 43 කදී ලකුණු 67 ක් ද රැස් කිරීමට සමත් වුවත් එය ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය නවතාලීමට කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය.
අද තරගයේදී ඉන්දීය පිල වෙනුවෙන් සුපිරි පිති හරඹයක් දියත් කළ ජෙමීමා රොඩ්‍රිගස් පන්දු 101 කදී ලකුණු 123 ක් රැස් කරගත්තාය. මෙය ජෙමීමාගේ එක්දින තරග දිවියේ දෙවැනි ශතකය ලෙසින් සනිටුහන් විය. එම ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් කර ගැනීමට ඇය සමත්ව සිටියාය. ලකුණු 50 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී ස්මිත්‍රී මන්දනා සමග එක් වුණු ජෙමීමා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක් රැස් කරමින් ඉන්දීය ඉනිමට දිරි දුන්නාය.
පන්දුනාගේ අර්ධ ශතකය පන්දු 63 කදී සසටහන් විය. මන්දනාගේ ඉවත්ව යෑමත් සමග පිටියට පිවිසි දීප්ති ෂර්මා සමග එක්වූ ජෙමිමා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 115 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමසත්වූහ. එම සම්බන්ධතාව බිඳ වැටුණු ජෙමීමා ලකුණු 123 කට ක්ලාස්ගේ පන්දුවක් හමුවේ දැවී යෑමෙනි. කෙසේ වෙතත් රීෂා ඝෝස් සමග එක්වුණු දීප්ති ෂර්මා තම ඉනිම පන්දු 84 කදී ලකුණු 93 ක් දක්වා ඉහළ දමමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව ලකුණු 337 කට රැගෙන යෑමට දායකත්වය දැක්වූවාය.
ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 337 යි – (ස්මිත්‍රී මන්දනා 51, හර්මන්ප්‍රීට් කෝර් 28, ජෙමීමා රොඩිග්‍රස් 123, දීප්ති ෂර්මා 93, රීචා ඝෝස් 20, මසබට ක්ලාස් 51/2, නන්කුලුලෙක් ම්ලාබා 65/2)
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 314 යි – (ඇනරී ඩර්ක්සන් 81, නන්ඩුමිසෝ හාන්ගාස් 36, ටමීම් බ්‍රිට්ස් 26, මියාන් ස්මිට් 39, සිනොලා ජෆ්ටා 21, ක්ලෝ ට්‍රියෝන් 67, නඩිනී ද ක්ලාර්ක් 22, අමන්ජෝට් චරනි 59/3, දීප්ති ෂර්මා 57/2)