Tuesday, June 24, 2025
More
    Homeසෞඛ්‍ය හා ජීවිතයඔබට ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇත්දැයි සැක හැර දැන ගන්නේ කෙසේද?

    ඔබට ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇත්දැයි සැක හැර දැන ගන්නේ කෙසේද?

    ඔබ ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම්, ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගයක් ඕනෑම අවස්ථාවක ඔබට වැළඳීමේ හැකියාවක් පවතින බව ඔබ දැන සිටියා ද? HIV/AIDS පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහන (UNAIDS) විසින් 2023 දී නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2022 වසර වන විට ලොව පුරා මිලියන 39ක් ඒඩ්ස් සහ HIV සමඟ ජීවත් වන බව ය. 2022 වසරේ දී මිලියන 1.3කට වෛරසය අලුතෙන් ආසාදනය වී තිබේ. එම සංවිධානය විසින් ම නිකුත් කළ වාර්තාවකට අනුව 2023 තුන්වන කාර්තුව අවසන් වන විට ශ්‍රී ලංකාවේ නව HIV ආසාදිතයන් 485ක් හඳුනාගෙන තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් හා ලිංගාශ්‍රිතව බෝ වන රෝග මර්දනය සඳහා වන රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ 2023 හතරවන කාර්තුවේ වාර්තාවට අනුව 2023 එම කාර්තුව වන විට HIV සමඟ ජීවත් වන සංඛ්‍යාව 5705කි. එමෙන් ම එම වසරේ දී ඒඩ්ස් සම්බන්ධ මරණ ද 710ක් සිදු වී තිබේ.

    ඒඩ්ස් හැරුණුවිට තවත් ලිංගාශ්‍රිත රොග ගණනාවක රෝගීන් ශ්‍රී ලංකාව තුළ හමුවන අතර එවැනි රෝගයක් තමාට වැළඳී තිබෙන්නේ දැයි පුද්ගලිකව සහ රහසිගතව පරීක්ෂාකරගත හැකි ආකාරය කුමක්දැයි යන්න ගැන මෙතැන් සිට කියවන්න.

    ඒඩ්ස් හැරුණුවිට තවත් ලිංගාශ්‍රිත රොග ගණනාවක රෝගීන් ශ්‍රී ලංකාව තුළ හමුවන අතර එවැනි රෝගයක් තමාට වැළඳී තිබෙන්නේ දැයි පුද්ගලිකව සහ රහසිගතව පරීක්ෂාකරගත හැකි ආකාරය කුමක්දැයි යන්න ගැන මෙතැන් සිට කියවන්න.

    ඔබ ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණයක් කළ යුත්තේ කුමන අවස්ථාවේ දී ද?

    ඔබ අනාරක්ෂිත ලිංගික සබඳතාවයක් පැවැත්වූයේ නම්, ඔබ ලිංගික සබඳතා පැවැත්වූ අයට එවැනි රෝගයක් වැළඳී ඇතැයි දැනගතහොත් හෝ, ඔබට ලිංගාශ්‍රිත රෝගයක රෝග ලක්ෂණ දිස් වන්නේ නම් ඔබට පරීක්ෂණයක් සිදු කර ඔබේ සෞඛ්‍ය තත්ත්වය විමසා බැලිය හැකිය. ලිංගික අවයවයේ ඇතිවන අසාමාන්‍ය වේදනාව, අසාමාන්‍ය රුධිර වහනය, කැසීම හෝ වණ, මුත්‍රා කිරීමේ දී වේදනාවක් ඇති වීම පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ කිහිපයකි.

    නමුත් HIV වැනි රෝගයක් පරීක්ෂණයක් නොකර හඳුනාගැනීම අපහසුය. HIV ශරීරයට ඇතුළු වීම සහ පරීක්ෂණයකින් වෛරසය හඳුනා ගත හැකි කාලය අතර හෝ වෛරසයට එරෙහිව ශරීරය තුළ වර්ධනය වූ ප්‍රතිදේහ අතර කාල ප්‍රමාදයක් පවතී. එය “කවුළු කාලය” ලෙස හැඳින්වේ. එනිසා ඔබ ඉතා ඉක්මනින් පරීක්ෂා කළහොත්, ඔබට සාවද්‍ය ප්‍රතිඵලයක් ලැබීමට ඉඩ තිබේ. සෑම HIV ආසාදිත පුද්ගලයෙකුටම පාහේ මාස 3කදී හඳුනාගත හැකි ප්‍රතිදේහ තිබේ.

    HIV වැනි රෝගයක් පරීක්ෂණයක් නොකර හඳුනාගැනීම අපහසුය.
    ඡායාරූප ශීර්ෂ වැකිය,HIV වැනි රෝගයක් පරීක්ෂණයක් නොකර හඳුනාගැනීම අපහසුය

    රහසිගතව සහ පහසුවෙන් පරීක්ෂණයක් කරගැනීමට හැකිවන්නේ කොහොම ද?

    ඔබට ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින් HIV සඳහා පරීක්ෂා කර ගත හැක. ලිංගාශ්‍රිත රෝග සායනවලදී පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලය රහස්‍ය භාවය රැක ගනිමින් පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ උපදේශන කටයුතු සිදු කරති. දිවයින පුරා එවැනි සායන 41 ක් ඇති අතර ඔබට නොමිලේ HIV පරික්ෂා කර ගත හැකිය.

    එම සායන වල දත්ත www.aidscontrol.gov.lk වෙබ් අඩවියේ පළ කර තිබේ. තවද ඔබට ඒවාට යාමට නොහැකි නම් HIV ස්වයං පරීක්ෂණයක් නොමිලේ කර ගත හැකිය.

    ඔබට ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින් HIV සඳහා පරීක්ෂා කර ගත හැක. ලිංගාශ්‍රිත රෝග සායනවලදී පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලය රහස්‍ය භාවය රැක ගනිමින් පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ උපදේශන කටයුතු සිදු කරති. දිවයින පුරා එවැනි සායන 41 ක් ඇති අතර ඔබට නොමිලේ HIV පරික්ෂා කර ගත හැකිය.

    ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණයෙන් සුව කළ හැකි ද?

    ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර තිබෙන අතර, සමහර ලිංගාශ්‍රිත රෝග සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. සමහර රෝග ලක්ෂණ සමනය කිරීම මඟින් රෝගය පාලනය කළ හැකිය. බැක්ටීරියා මගින් ඇති වන ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි නමුත් වෛරස් මගින් ඇති වන ලිංගාශ්‍රිත රෝග පාලනය කළ හැකි වුවද සුව කළ නොහැක. HIV සුව කළ නොහැකි නමුත් වෛරසය පාලනය කළ හැකිය. එබැවින්, ඔබ ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු අතර ගුණාත්මක, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ඔබට හැකිය.

    ඔබට ඕනෑම ලිංගාශ්‍රිත රෝග සායනයකින් HIV සඳහා පරීක්ෂා කර ගත හැක. ලිංගාශ්‍රිත රෝග සායනවලදී පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලය රහස්‍ය භාවය රැක ගනිමින් පූර්ව සහ පශ්චාත් පරීක්ෂණ උපදේශන කටයුතු සිදු කරති. දිවයින පුරා එවැනි සායන 41 ක් ඇති අතර ඔබට නොමිලේ HIV පරික්ෂා කර ගත හැකිය.

    ඔබට ලිංගාශ්‍රිත රෝග හෝ HIV වැළඳී ඇත්නම් විවාහ වීමට බාධාවක් නොමැති නමුත් ඔබේ විවාහ සහකරුට ඔබෙන් රෝගය වැළඳීම වැළැක්වීමට ඔබ සියලු පූර්වාරක්ෂාවන් ගත යුතුය. එය HIV නම්, ඔබ නිතිපතා සායන වෙත පැමිණිය යුතුය. ඔබේ වෛරස් මට්ටම අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. සෑම විටම කොන්ඩම් භාවිතා කළ යුතුය.

    මට එච් අයි වී වැළඳීම වළක්වා ගැනීමට නොමිලේ ලබා ගත හැකි සේවා මොනවාද?

    Prep (Pre- Exposure Prophylaxis) යනු HIV ආසාදනයට නිරාවරණය වීමට පෙර ගත යුතු HIV වැළැක්වීමේ ක්‍රමයකි. එය දිනපතා හෝ සිදුවීම් මත පදනම් වී ලබා ගත හැකියි. මෙය ලිංගාශ්‍රිත රෝග සායන ජාලයෙන් ලබාගත හැකියි.

    ඊට අමතරව කොන්ඩම් සහ ලිහිසි තෙල් ද මෙම සායනවලින් හෝ එසේත් නොමැති නම් ඔබට ක්ෂණික දුරකතන අංක (0716379192/ 0112667163) අමතා හෝ www.know4sure.lk වෙබ් අඩවිය හරහා නිවසට ගෙන්වාගැනීමට පුළුවන.

    මූලාශ්‍රය – ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන

    උපුටා ගැනීම – බී.බී.සී සන්දේශය

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments