Wednesday, January 22, 2025
More
    Homeතරු සංවාදහදගැස්ම පවුලේ සැමට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් - හදගැස්ම අධ්‍යක්ෂ අකිල සඳකැළුම්

    හදගැස්ම පවුලේ සැමට රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් – හදගැස්ම අධ්‍යක්ෂ අකිල සඳකැළුම්

    ඒ ගැන ඉතා සතුටු වෙනවා. හතුරකුගෙන්වත් දෝෂාරෝපණයක් අහන්න ලැබුණේ නැහැයි කිවුවොත් හරි. ( සිනාසෙයි) මට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් ආදින්ගෙන් සාධනීය අදහස්ම තමයි අහන්න ලැබුණේ.

    මේ මගේ උපරිමය නෙවෙයි. ඒත් උපරිම පරාසයකට ඇරඹුමේදීම යන්න අපහසුයි. හැබැයි මං ඒ වෙනුවෙන් උපරිම උත්සාහ ගත්තා. විශේෂයෙන්ම මැද මාවතේ චිත්‍රපටියක් කරන්න පෙලඹුණේත් ඒ නිසයි. ඒත් එහෙම වුණත් ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටිය වැළඳගෙන තියෙනවා. ඒ ගැන අසීමිත සතුටක් තියෙනවා.

    ඒ මගේ ආසාවක් ඉටු වීමක්. හැබැයි මට තාක්ෂණ ශිල්පියකු විදියට කලින් තිබුණු අත්දැකීම් මෙහිදී උදවු වූ බව කියන්න ඕනෑ.

    මට මුලින් එහෙම අදහසක්, පිටපත ලියන කාලේ එක චරිතයක් ගැන තිබුණා. ඒත් ඉන් පස්සේ මූලික සැලසුම් හදන කාලේ වෙද්දී මං ඒක අත්හැරියා. මට ඝරසර්ප වැනි අතිසාර්ථක චිත්‍රපටයක බර පැන ඉසිලූ අර්ජුන් කමලනාත් ඇතුළු පිරිස කැමරාව ඉදිරියේ හැසිරවීමේ භාරදූර කාර්යයේදී එය පහසුවක් වුණා. අනෙක, මේ මගේ මුල්ම චිත්‍රපටි අධ්‍යක්ෂණය. එහිදී මේ දෙකම කරන්න තරම් ධාරිතාවක් මට ඇති වග මට ඒත්තු ගැන්වුණත්, කුඩාවටවත් ඒ අවදානම නොගත යුතුයි කියලා මං කල්පනා කළා. සිනමාව කලාවක් වගේම කර්මාන්තයක්නේ. ඉතින් මට මේ කටයුත්ත උපරිමයෙන් සාර්ථක කර ගන්නයි ඕනෑ කළේ. එහෙම නොවෙන්නට මට චරිතයක් අරන් කරන්න කිසිම බාධාවක් තිබුණේ නැහැ. අධ්‍යක්ෂවරයා විදියට.

    පවුලේ සැමටයි මේ චිත්‍රපටිය හැදුවේ. විශේෂයෙන් වයස අවුරුදු 15 ඉක්මවූ අයට පවුලේ හැමෝමත් එක්ක ඇවිත් මේ චිත්‍රපටිය නරඹන්නැයි ආරාධනා කරනවා. මේ තුළ කාලීන වැදගත්කමක් ඇති නිසයි මං ඒ ඉල්ලීම කරන්නේ. අද මවුපිය දූ දරු, සහෝදර සහ සම්බන්ධකම් ඈත් වීමෙන් අන්තිමේදී මේ හැමෝටම දුක් වෙන්න වෙන තැනට කරුණු යෙදුණු අවස්ථා අපිට ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ නිතර ඇහෙනවා. ඒ ඛේදවාචකවල ගොදුරක් නොවන්නට නම් දැනුවත් වීමයි වැදගත්. මේ හරහා දැනුම, වින්දනය, සංවේදීකම ඔසවා තබන්නත් මං කල්පනා කළා.

    නිර්මාණයක් එළි දැක්වීමට හොඳම තැන සිනමාව. ටෙලි නාට්‍යය නෙවෙයි. ඒ මොකද, කවුරුත් චිත්‍රපටියක් බලන්න එන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා. අඩ අඳුරු ශාලාවක, ඊටම මනස හැඩ ගස්වාගෙන. ඒත් ටෙලි නාට්‍ය එහෙම නෙවෙයි, බොහෝ අය ගෙදර දොර වැඩ කරන ගමන් ටෙලිය අහන්නේ. අනෙක, සිනමා නිර්මාණයකට අනන්‍ය තාක්ෂණයක් තියෙනවා. ඒක එතැනදීම මිසෙක, රූපවාහිනියෙන් විඳ ගන්න බැහැ. ඒ නිසා ඉසුරු ෆිල්ම්ස්, මෙහි නිෂ්පාදකවරුන් මෙය රූපවාහිනී ප්‍රදර්ශනයකට කිසිදා නොදෙන්නත් තීරණය කරලා තියෙනවා.

    ඒත් මං මේ වෙලාවේ එහෙම දෙයකට සූදානම් නැහැ. අනෙක, නිෂ්පාදකවරුන් මා වෙත තැබූ විශ්වාසය උපරිමයෙන්ම ආරක්ෂා කර දෙන්න ඕනෑ. ඒ නිසා ප්‍රදර්ශන කටයුතු හොඳින් කෙරෙන මෙකල මමත් ඒ වෙනුවෙන් ඇපකැප වී දායකත්වය දෙනවා. හැබැයි, මෙයින් පසුව තවත් හොඳ පිටපත් කිහිපයක් ගැන කතාබස් කෙරුණා. පසුවට ඒ ගැන හිතනවා.

    ඔව්. ඒක මං වුවමනාවෙන්ම කළ දෙයක්. ඉදිරියටත් එහෙම කරන්නයි බලාපොරොත්තුව. ඒක වගකීමක් විදියට මං සළකනවා. එහෙම නොවුණු නිසා කලාව විතරක් නෙවෙයි, ක්‍රීඩාව, දේශපාලනය ආදී විවිධ ක්ෂේත්‍රවල කඩා වැටීම් අපට ඕනෑ තරම් දක්නට පුළුවන්නේ. මෙහිදී අයෝමි පීරිස්, නවීන් දිල්ශාන් ආදීන් වගේම, ඉතා අඩු දර්ශන ගණනක පෙනී සිටින සෝමවීර ගමගේ ආදීන් හැමෝම මේ සාර්ථකත්වයේ පංගුකරුවන්.

    ඔව්. සත්‍ය කතාවක් පාදක කරගෙනයි මේ පිටපත ලිවුවේ. අනෙක, මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදියට පිටපත ලියද්දී මගේ ඔළුවේ හිටියේ ජැක්සන් ඇන්තනි. ඔහු තමයි සිංහල සිනමාවේ සුපර් ස්ටාර් කියලා මං හිතන්නේ. එහෙම කෙනෙක් එක්ක වැඩක් කරන හීනය මට කාලෙක ඉඳන් තිබුණා. අනෙක, කෙතරම් අපහසුතා, දුෂ්කරතා තිබුණත් මෙරට ප්‍රේක්ෂකයා ජැක්සන් ඇන්තනි රංගනයෙන් දායක වූ චිත්‍රපටි මඟ නොහැර නැරඹුවා. ඒ කිසිවක් අසාර්ථක වුණෙත් නැහැ. ඔහුට වෙනමම ප්‍රේක්ෂක පිරිසක් හිටියා. අනෙක, අනිවාර්යයෙන්ම චිත්‍රපටියක් කරනවා නම් එතැනදී නිෂ්පාදකවරයා රැක ගන්න ඕනෑයි කියන තැනයි මං ඉන්නේ. එහෙම නොකළොත් ඒක සිනමාවට කරන අවැඩක්. ඒ කෙහොම වුණත් මට මේ ගැන ජැක්සන් ඇන්තනීට කියන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට කලින් ඔහු අපෙන් සමු ගත්තා.

    ඉන්පස්සේ මං මේ පිටපත අරන් අර්ජුන් කමලනාත් හමු වෙලා කතා කළා. ඒ, රංගනයට ඔහුව දායක කර ගන්නා අදහසින්. ඒත්, ඔහු මට මේ කාර්යයේදී බැරෑරුම්ම කාරණාවක් වුණු බරපැන ගැටලුවට සහායක් වන්නත් ඉදිරිපත් වුණේ. තනිව නෙවෙයි, ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදක මණ්ඩලයත් සමඟයි.

    අර්ජුන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරිස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, අනුර පතිරණ, කුමුදුනී අධිකාරි, සෝමවීර ගමගේ, ශාලිත ගුණවර්ධන, කුමාර වදුරැස්ස, දිනූෂ සම්පත්, බුද්ධික සඳරුවන් හෙට්ටි ආරච්චි, දිනුක සිතරු ආදීන් රංගනයෙන් දායක වෙනවා.

    සහාය අධ්‍යක්ෂණයෙන් නිමේෂ් ලක්මාල්, කැමරා අධ්‍යක්ෂණයෙන් සහ ආලෝකකරණයෙන් ජනිත් ගුණසේකර, අංග රචනයෙන් සුපිපි දොඩංගොඩ, කලා අධ්‍යක්ෂණයෙන් සුමති කුඩලිගම, සංස්කරණයෙන් දනාල් තිරංජන, සංගීත අධ්‍යක්ෂණයෙන් ලක්මාල් ෆනෑන්ඩු, නිෂ්පාදන කළමනාකරණයෙන් ධම්මික ගුණසේන, දිනූශ සම්පත් ද සිල්වා ආදීන් එක් වෙනවා. මෙහි නිෂ්පාදකත්වය ඉසුරු ෆිල්ම්ස් වෙතින්.

    නුවන් මහේෂ් ජයවික්‍රම – දිනමිණ ඊ පුවත්පත ඇසුරිනි

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments