Tuesday, June 17, 2025
More
    Homeව්‍යාපාරිකGrand Leisure Resort මීගමුවේදී විවෘත වේ

    Grand Leisure Resort මීගමුවේදී විවෘත වේ

    මෙරට වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රය නව මඟකට යොමු කරන Grand Leisure Care and Wellness Resort මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී විවෘත විය. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව ඉදි කර ඇත. උසස් තත්ත්වයේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය වැඩිහිටියන්ගේ යහපැවැත්ම ප්‍රමුඛ කර සලකයි.

    නිවාඩු නිකේතනයක් ලෙස ඉදි කර ඇති එහි සෑම කාමරයකටම වෙන් වූ නාන කාමරයක්, පැන්ට්‍රි එකක්, ආලින්දයක් ඇත. අලංකාර උද්‍යානය ඇතුළු පොදු පහසුකම් අත්විඳීමටද වැඩිහිටියන්ට අවස්ථාව ලැබේ. ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට සහ ලොව පුරා තොරතුරු දැන ගැනීමට අධිවේගී අන්තර්ජාල පහසුකම් ස්ථාපනය කර ඇත. Grand Leisure Care and Wellness Resort එකිනෙකට වෙනස් තත්ත්වවල පසු වන ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ අවශ්‍යතා අනුව අවශ්‍ය සේවා සපයයි. සිය කාර්යය වෙනත් අයෙකුගේ සහායක් නොමැතිව කර ගත හැකි වැඩිහිටියන්ටත්, පූර්ණ කාලීන වෛද්‍ය සහාය අවශ්‍ය වැඩිහිටියන්ටත් ඔවුන්ගේ අවශ්‍යතා අනුව පහසුකම් සහ සේවා ගත හැකිය. වෛද්‍යවරු, හෙද නිලධාරීහු, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ පැය 24 පුරා මධ්‍යස්ථානය තුළ රැඳී සිටිති. ගිලන් රථ සේවාද ඕනෑම අවස්ථාවක සූදානමින් ඇත.

    වැඩිහිටියන්ගේ ශාරීරික සහ මානසික සුවතාව ඉහළ නැංවීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. ක්ෂේත්‍රයේ වසර ගණනාවක පුහුණුව සහ පළපුරුද්ද සහිත වෘත්තිකයෝ පුද්ගලාරෝපිත රැකවරණ සේවා සැපැයීමට වග බලා ගනිති. වැඩිහිටියන්ගේ පවුල්වල සාමාජිකයන්ටද ඔවුන් සමඟ කාලය ගත කිරීමට අවස්ථාව සළසා ඇත. වැඩිහිටියන්ගේ සුව දුක් බැලීමට පැමිණෙන පුද්ගලයන්ටද කාමර ඉදි කර තිබේ. කෙටිකාලීන සහ දිගුකාලීන යන දෙයාකාරයටම අයත් නේවාසික පහසුකම් සපයන Grand Leisure Care and Wellness Resort ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ජීවිතවල ගුණාත්මකභාවය, ගෞරවාන්විතභාවය සහ සතුට තහවුරු කිරීම සිය දැක්ම ලෙස සළකයි. අංක 07, පළඟතුරේ නැගෙනහිර, පළඟතුරේ, කොච්චිකඩේ, මීගමුව ලිපිනයේ පිහිටි එම සත්කාරක මධ්‍යස්ථානය ඕනෑම ප්‍රදේශයක ජීවත් වන වැඩිහිටියන් සඳහා විවෘතව තිබේ. +94713010101, +94312210010, info@grandleisure.lkwww.grandleisure.lk ඔස්සේ වැඩි විස්තර ගත හැකිය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments