විශේෂ රක්ෂිත පොලිස් බලකාය (SRPF) සල්මන් ඛාන්ගේ බන්ද්‍රා සහ පන්වෙල් නිවාසවලින් පිටත ස්ථානගත කර ඇත.
මහාරාෂ්ට්‍ර හිටපු අමාත්‍යවරයෙකු සහ NCP ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ Baba Siddique ඝාතනයෙන් පසු සල්මන් ඛාන්ගේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස වැඩි කර තිබෙනවා.
මුම්බායිහි ප්‍රකට පාතාල කල්ලියක් වන ලෝරන්ස් බිෂ්නෝයිගේ කල්ලිය / Lawrence Bishnoi’s gang මෙම අපරාධයට සම්බන්ධ වී ඇති අතර ඔවුන් සෑහෙන කාලයක සිට සල්මන්ට තර්ජනය කර ඇත. බාබා සිද්දික් ඝාතනය සම්බන්ධයෙන් හර්යානා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තා කිහිපයකට අනුව මෙම ඝාතනයට එක් හේතුවක් වන්නට ඇත්තේ බාබා සිද්දික් සල්මාන් සමඟ ඇති සමීප හිතවත්කම විය හැකිය.

මහාරාෂ්ට්‍ර රජය ප්‍රකාශයන් තහවුරු කර නැති නමුත් සල්මාන්ගේ ආරක්ෂාව මෑතකදී වහාම ක්‍රියාත්මක වන පරිදි තර කර ඇත. ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇති බව ද රජය සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පොලිසිය ඔහුට Y ප්ලස් ආරක්ෂාව ලබා දී සල්මන්ගේ නිල මෝටර් රථය පසුපස යාමට පරිවාර වාහනයක් යොදවා ඇත. විශේෂ රක්ෂිත පොලිස් බලකායක් (SRPF) ඔහුගේ බන්ද්‍රා සහ පන්වෙල් නිවාසවලින් පිටත ස්ථානගත කර ඇත.
බාබා සිද්දික් ඝාතනයෙන් පසු සල්මන් ඛාන් රෝහලට ඇතුළු වන ආකාරය ඡායාරූප ගත කර තිබුණේය. ඔහු සිය ශෝකය බෙදා ගැනීමට දේශපාලනඥයාගේ පවුලේ අය බැලීමට ගියේය. සංජේ දත් සහ ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා ඇතුළු බොලිවුඩ් තරු ද ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා රෝහලට ඇතුළු වන ආකාරය ඡායාරූප ගත කර ඇත.