Homeසෞඛ්‍ය හා ජීවිතයව්‍යායාම කරන ආකාරය නිවැරදිව දැන ගනිමු

ව්‍යායාම කරන ආකාරය නිවැරදිව දැන ගනිමු

ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක‍්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශයි

‘‘ව්‍යායාම’’ ගැන කියන කොටත් මූණ ඇඹුල් වෙන අය අපි අතර බහුලයි. ඒ නිසා විවිධ හේතු කියමින් ඔවුන් කරන්නේ ව්‍යායාම කිරීමෙන් මගහැරීම, එහෙම නැතිනම් කල් දැමීම. ඒත් වෛද්‍යවරු නම් කියන්නේ ළමයින්ට සහ නව යෞවනයින්ට දිනකට පැයක් බැගින් සතියකට දින 5ක් වත් ක‍්‍රියාකාරී ව්‍යායාම අත්‍යවශ්‍ය බවයි.

ඔවුන් එහෙම කියන්නේ ඇයි ? මොනවද නිසි ව්‍යායාම මගින් ලැබෙන වාසි. හරියට තොරතුරු විමසා බලන විට ව්‍යායාම කිරීම මගින් වාසි එකක් දෙකක් නොවෙයි රැසක්ම ලැබෙනවා. පහත සඳහන් වන්නේ එයින් කිහිපයක් පමණයි.

ව්‍යායාම මගින් ලැබෙන වාසි

  • අස්ථි සහ පේශි ශක්තිමත් කරනවා.
  • සන්ධිවල නම්‍යතාව වැඩි කරනවා.
  • ශරීරාට් නියමිත බර පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
  • හැඩැති රුවක් ලබා ගැනීමට හැකි වෙනවා. මානසික ආතතිය අඩු කරනවා.
  • අධ්‍යාපන කටයුතුවල ප‍්‍රබෝධමත්ව නියැළීමේ හැකියාව ලැබෙනවා.
  • තරබාරුවීම නිසා ඇතිවන බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කරනවා. (උදා – හෘද රෝග, පිළිකා, දියවැඩියාව, අධික රුධිර පීඩනය, අඝාතය)

ඉහත සඳහන් වාසි සිල්ල ලැබුණත් බොහෝ දෙනෙක් කියන්නේ ‘‘ව්‍යායාම’’ කරන්න වේලාවක්, තැනක්, ක‍්‍රමයක් නැහැ කියලා.ඒත් ඒකත් ඇත්ත නොවන බව පහත සඳහන් කරුණු දෙස හොඳින් බැලූ විට පැහැදිලි වෙනවා.

එදිනෙදා ජීවිතයට ව්‍යායාම එක් කරගන්නේ කෙසේද ?

  • විනෝදාංශයක් ලෙස ව්‍යායාම කිරීම.
  • එදිනෙදා ගේදොර වැඩ කිරීම.
  • එදිනෙදා කාර්යයන් සඳහා හැකි සෑම විටම පයින් ගමන් කිරීම හෝ බයසිකලයක් භාවිත කිරීම.
  • බසයෙන් බැසීමට ඇති ස්ථානයට බස් නැවතුම් 02කට හෝ 03කට පෙර බසයෙන් බැස ඇවිද ගෙන යාම.
  • විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම.

අපට කළ හැකි ව්‍යායාම

  • විනෝදයක් ලෙස බයිසිකල් පැදීම, දිවීම, පිහිනීම, වේගයෙන් ඇවිදීම.
  • විවිධ ක‍්‍රීඩාවල යෙදීම ( එල්ලේ, ක‍්‍රිකට්, නර්ථනය, කඳු නැගීම, බැට්මිටන් වැනි)
  • ගේදොර වැඩ ( දෑත භාවිතයෙන් රෙදි සේදීම, ගෙවතු වගාව වැනි)
  • යෝග ව්‍යායාම
  • බර එසවීමේ ව්‍යායාම.

සිරරේ බර අඩුකර ගැනීමට සහ හැඩය නිසි පරිදි සකසා ගැනීමට – පැයට කිලෝමීටර 6.4ක් හෝ පැයට සැතපුම් 4.0ක පමණ වේගයෙන් කඩිසරව ඇවිදීම කළ යුතුයි. එම වේගයට එක්වරම ළඟා නොවී ක‍්‍රම ක‍්‍රමයෙන් වේගය වැඩි කළ යුතුයි.

ඇවිදීමේ වේගය – විනාඩියට පියවර ගණන වේගය පැයට කි.මි

  • 70 3.2
  • 90 4.0
  • 105 4.8
  • 120 5.6
  • 140 6.4

ඔබත් ව්‍යායාම කරන්න සූදානම් ද ?

  • ඔබේ ඉලක්කය හඳුනා ගන්න
  • ඔබේ ජීවන ක‍්‍රමයට ගැළපෙන ව්‍යායාම පළමුව තෝරාගන්න
  • ව්‍යායාම සඳහා ඔබගේ ශාරීරික යෝග්‍යතාව හඳුනා ගන්න
  • ව්‍යායාම ඇරඹීමට පෙර ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීටත් ( ඉන් පසු ව්‍යායාම ඇරඹීමටත් අවසානයේ ඇඟ සැහැල්ලූ කරන ව්‍යායාම කිරීමටත් අමතක නොකරන්න.

ව්‍යායාම කරන අතරතුර හා ව්‍යායාමවලින් පසුව ජලය පානය කිරීම වැදගත් වේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පත්‍රිකාවක් ඇසුරිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments