Homeකාලීන පුවත්පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ තරුණයාගේ සිරුර හමුවෙයි

පුංචි ලෝකාන්තයෙන් පහළට දැමූ තරුණයාගේ සිරුර හමුවෙයි

හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි 23 හැවිරිදි විවේකානන්දන් සූරියන් නැමැති ත්‍රීරෝද රථ රියදුරුට පස්සර මඩොල්සිම ප්‍රදේශයේදි පහරදි ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර  අඩි දහස් ගණනක් දැඩි ප්‍රපාතයක් වු මඩොල්සිම පුංචි ලෝකාන්තයෙන් පහලට විසිකර දමා තිබියදි    අද  (16) යුධ හමුදා කමාන්ඩෝ බළකයාද යොදා ගනිමින් සිදුකල මෙහෙයුමකින් අනතුරුව සොයාගත් බව පොලිසිය සදහන් කළේය.

මෙම තරුණයාගේ මළ සිරුර සොයා ඉකුත් 14 දින හාලිඇල හා මඩොල්සිම යන පොලිස් ස්ථාන වල නිලධාරින් හා ප්‍රදේශවාසින් සමග එක්ව මෙහෙයුම් ක්‍රීයාත්මක කලද එය අසිරු කටයුත්තක් වු බැවින් ඒ සදහා ඊයේ (15) බදුල්ල එළදලුව පිහිටි යුධ හමුදා කදවුරේ නිලධාරින්ගේ සහයද යොදාගෙන  තිබිණ.

ඊයේ (15) සවස් යාමය වෙනවිටත් සිරුර සොයා ගැනිමට නොහැකිවු තිබු අතර මියගිය තරුණයාගේ බව කියන සපත්තු දෙකක් හා හා හිස් වැසුමක් සොයා ගැනීමට ඔවුන්ට හැකිවු බවද පොලිසිය පැවසීය.

එම ප්‍රදේශයේ පවතින  අධික මීදුම් තත්වය හා දැඩි සීතල සහ වැසි සහිත දේශගුණික තත්වයන් මෙම සිරුර සොයා සිදුකරන මෙහෙයුම් වලට දැඩි බාධාවක් වු බැවින් මේ සදහා යුධ හමුදා කමාන්ඩෝ බළකායේ සහය ලබා ගැනිමට කටයුතු කල බව ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරියෙකු සදහන් කළේය.

ඒ අනුව යුධ හමුදා කමාන්ඩෝ භටයන් විසින් අද පෙරවරු අටට පමණ  මෙම මළසිරුර සොයා මෙහෙයුම් දියත් කොට පැය එක හමාරක් පමණ ගතවෙන විට එම බැවුමේ මීටර් 250  ක් පමණ පහල තිබු මියගිය තරුණයා ගේ බව කියන සිරුර සොයා ගැනීමට සමත්විය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන මඩොල්සිම බටාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 31 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නැමැති එක්දරු පියෙකු හා ඊට අණුබල දුන් බවට සැක කෙරෙන 39 හැවිරිදි වියේ පසුවන මඩොල්සිම බටාවත්තේම පදිංචි වාහන බ්‍රොකර්වරයෙකු බව කියන රාජේන්ද්‍රන් ප්‍රභාකරන් නොහොත් සුදාගරන්  නැමැති සිවුදරු පියෙකු ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන  ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments