Homeක්‍රීඩාSpring Challenge: 13 හැවිරිදි ක්‍රීඩිකාවක් හරිකෙන්ස් පිලට

Spring Challenge: 13 හැවිරිදි ක්‍රීඩිකාවක් හරිකෙන්ස් පිලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ස්ප්‍රින්ග් චැලෙන්ජ් (Spring Challenge) විස්සයි20 තරගාවලියේදී 13 හැවිරිදි ක්‍රීඩිකාවක් එක් කර ගැනීමට හෝබාට් හරිකෙන්ස් පිල කටයුතු කර තිබේ.

එම කණ්ඩායමට කටයුතු කළ හෙදර් ග්‍රැහැම් ලෝක කුසලාන සංචිතට කැඳවීම හේතුවෙන් හිස්වූ ස්ථානයට මේ 13 හැවිරිදි මියා බාර්වික් එක් කර ඇත.

ටස්මේනියා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනුණු වේග පන්දු යවන්නියක වූ බාර්වික් අවුරුදු 16න් පහළ සහ 19න් පහළ කාන්තා ජාතික ශූරතාවලියට ක්‍රීඩා කර තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ඔස්ට්‍රේලියානු ප්‍රධාන පෙළේ ක්‍රීඩිකාවන් කිහිපදෙනකු එක්ව සිටින බැවින් මේ තරගාවලියට එක්වීමට යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනකුටම අවස්ථාව ලැබී තිබේ. 15 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකා කාඕම්හේ බ්රේ ද සිඩ්නි සික්සරස් පිලට එක්ව සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments