Tuesday, June 24, 2025
More
    Homeතාක්ෂණයSkype අද සිට මෙහෙයුම් නවතයි

    Skype අද සිට මෙහෙයුම් නවතයි

    ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයින් භාවිත කළ වීඩියෝ ඇමතුම් සේවාවක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමය අයත්ව තිබූ Skype යෙදුම අද (05) සිට වසා දමන බව එම සමාගම නිවේදනය කර තිබේ.

    පසුගිය මාර්තු මස Skype සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ මැයි මාසයේ සිට සිය මෙහෙයුම් නැවැත්වීමට තීරණය කළ බවය.

    එම මෙහෙයුම් නැවැත්වීමෙන් පසුව Skype ගිණුම් හිමියන්ට එම මුරපද සමග Microsoft Teams Free වෙත සම්බන්ධව වීමට හැකියාව ලැබෙන බවත් එම සමාගම පැවසීය.

    2003දී ප්‍රථම වරට නිකුත් කරන ලද Skype 2011දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගන්නා ලද අතර එය එකල එහි විශාලතම අත්පත් කර ගැනීම බවද වාර්තා විය.

    Skype කලක් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි වලින් එකක් වූ අතර ලොව පුරා සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබා ගැනීමට මිනිසුන්ට අවකාශය සැලසීය.

    Skype මෙම සේවාව ලබා දුන් පළමු හෝ එකම සමාගම නොවූවත්, පරිශීලකයින්ට පරිගණකයෙන් පරිගණකයට නොමිලේ ඇමතුම් ලබා ගැනීමට ඉඩ දීමෙන් එය ජනප්‍රිය කිරීමට ද උපකාරී විය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments