Homeසූපවේදයදරුවන් කැමැති ම සරල සංග්‍රහයක්: එළවළු පීසා ටෝස්ට්

දරුවන් කැමැති ම සරල සංග්‍රහයක්: එළවළු පීසා ටෝස්ට්

ඉක්මනින්  පිළියෙළ කරගත හැකි හා රසවත් මෙම ටෝස්ට් සෑම මවකටම තම දරුවාගේ කුසගින්න නිවීමට අවශ්‍ය වේ

  • සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්,
  • සිහින්ව කපාගත් ළුණු ගෙඩි 1ක්,
  • සිහින්ව කපාගත් මිරිස් කරලක්
  • සිහින්ව කපාගත් කහ පෙපර් මිරිස් ගෙඩියක්
  • ලුණු ( අවශ්‍ය ප්‍රමාණයට)
  • කළු ගම්මිරිස් ස්වල්පයක්
  • ඔරිගානෝ ස්වල්පයක්
  • ඔලිව් තෙල් තේ හැදි ½
  • පාන් පෙති4ක්
  • තක්කාලි සෝප් (අවශ්‍ය පරිදි)
  • අවශ්‍ය පරිදි ගාගත් මොසරැල්ලා චීස්
  • බැසිල් කොළ (සැරසීම සඳහා)
  • කපාගත් එළවළු, ලුණු, ගම්මිරිස් සහ ඔෙරගනයෝ සමඟ හොඳින් මිශ්‍ර කර  පැත්තකින් තියන්න.
  • පාන් පෙතිවල දෙපැත්ත කපා ටෝස්ටරයක හෝ ලිප මත ඔලිව් තෙල් ස්වල්පයක් දමා ටෝස්ට් කරන්න.
  • ටෝස්ට් කරගත් පාන් පෙති මත තක්කාලි සෝස් තවරා එළවළු මිශ්‍රණය උඩින් දමන්න.
  • ගාන ලද මොසරැල්ලා චීස් සමග පාන් පෙති මත අතුරන්න
  • පාන් පෙති  පෑන් එකක දමා මද ගින්දරේ තබා චීස් දිය වී පාන් තරමක්  කරවන තෙක්  පිස ගන්න.
  • මෙසේ පිළිවෙළ කරගත් පාන් පෙති මත  බැසිල් කොළ සහ  මොසරැල්ලා චීස්  තවරා දුවට හෝ පුතාට පිළිගන්වන්න.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments