ඉක්මනින් පිළියෙළ කරගත හැකි හා රසවත් මෙම ටෝස්ට් සෑම මවකටම තම දරුවාගේ කුසගින්න නිවීමට අවශ්‍ය වේ
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්,
- සිහින්ව කපාගත් ළුණු ගෙඩි 1ක්,
- සිහින්ව කපාගත් මිරිස් කරලක්
- සිහින්ව කපාගත් කහ පෙපර් මිරිස් ගෙඩියක්
- ලුණු ( අවශ්‍ය ප්‍රමාණයට)
- කළු ගම්මිරිස් ස්වල්පයක්
- ඔරිගානෝ ස්වල්පයක්
- ඔලිව් තෙල් තේ හැදි ½
- පාන් පෙති4ක්
- තක්කාලි සෝප් (අවශ්‍ය පරිදි)
- අවශ්‍ය පරිදි ගාගත් මොසරැල්ලා චීස්
- බැසිල් කොළ (සැරසීම සඳහා)
සකස් කර ගන්නා ක්‍රමය
- කපාගත් එළවළු, ලුණු, ගම්මිරිස් සහ ඔෙරගනයෝ සමඟ හොඳින් මිශ්‍ර කර පැත්තකින් තියන්න.
- පාන් පෙතිවල දෙපැත්ත කපා ටෝස්ටරයක හෝ ලිප මත ඔලිව් තෙල් ස්වල්පයක් දමා ටෝස්ට් කරන්න.
- ටෝස්ට් කරගත් පාන් පෙති මත තක්කාලි සෝස් තවරා එළවළු මිශ්‍රණය උඩින් දමන්න.
- ගාන ලද මොසරැල්ලා චීස් සමග පාන් පෙති මත අතුරන්න
- පාන් පෙති පෑන් එකක දමා මද ගින්දරේ තබා චීස් දිය වී පාන් තරමක් කරවන තෙක් පිස ගන්න.
- මෙසේ පිළිවෙළ කරගත් පාන් පෙති මත බැසිල් කොළ සහ මොසරැල්ලා චීස් තවරා දුවට හෝ පුතාට පිළිගන්වන්න.