Homeකාලීන පුවත්පියයුරු පිළිකා හඳුනා ගැනීමට නව ක්‍රමයක්

පියයුරු පිළිකා හඳුනා ගැනීමට නව ක්‍රමයක්

පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් ඇත් දැයි සරල ලේ පරීක්ෂණයක් මගින් පරීක්ෂා කිරීමට හැකි නව ක්‍රමයක් උපයෝගී කර ගැනීමට විද්‍යාඥයන් පියවර ගනිමින් ඇති බව ප්‍රකාශයට පත් කොට ඇත.

මෙම සරල ලේ පරීක්ෂණය අනුව ජාන බලපෑමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති කාන්තාවන් පවා පරීක්ෂාවට ලක් කළ හැකි බවයි පැවසෙන්නේ. පියයුරු පිළිකා වැළඳෙන කාන්තාවන් ගෙන් 10 % ක් ජාන මගින් පියයුරු පිළිකා වලට ගොදුරු වන අතර 90% කගේ රෝග කාරකය අපැහැදිලි තත්වයක පවතී.

‘ලන්ඩන් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ ගවේෂකයින් විසින් පිළිකා අවදානමක් නොමැති කාන්තාවන්ගේ ලේ වල පවතින විශේෂ රටාවක් සොයා ගනු ලැබ ඇත. ජානමය වශයෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් නැති වුවත් හඳුනා ගත් රුධිර රටාව සහිත කාන්තාවන්ට පිළිකාව වැළඳෙන බව ඔවුහු පවසති.

පිළිකා රෝග ලක්ෂණ මතු වීමට වසර දෙකකට පමණ පෙර රුධිර අනුවල වෙනස් කම් ඇති වීමට පටන් ගන්නා බව ද පැවසේ. මෙම පරීක්ෂණ මෙහෙයවන ගවේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව් ලෑම් පවසන්නේ සිය පරීක්ෂණය පියයුරු පිළිකා හඳුනා ගැනීම අතින් නව බලාපොරොත්තුවක් එක් කරන බවයි.

BBC.COM

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments