Homeපෝෂණය'දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න'

‘දිගුකල් ජීවත් වෙන්න: දහවතාවක් පලතුරු කන්න’

එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑඅටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත.

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවලු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත.

එළවලු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි. පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවලු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි.

එක වේලකට ග්‍රෑම් අසූවක්

line
Fruit and vegetables

පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ.

line

පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග:

  • කොල පැහැති එළවලු
  • කහ පැහැති එළවලු
  • ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු

හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග:

  • ඇපල්
  • පෙයාර්ස්
  • පැඟිරි සහිත පලතුරු
  • සලාද
  • කොල පැහැති එළවලු
  • ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු
line
A woman eating spinach
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments