Homeක්‍රීඩාT20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතා තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 32කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට නවසීලන්තය සමත් වූ අතර නවසීලන්තය ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් සති කිහිපයක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්විණි.

නවසීලන්තයෙන් හිමි වූ ලකුණු 159ක ඉලක්කයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ දී කඩුළු 9ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 126ක් පමණි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 32ක පහසු ජයග්‍රහණයක් හිමි විය.

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තය අවසන් මහා තරගයක් ක්‍රීඩා කළ තෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2009 හා 2010 වර්ෂයන්හි අවසන් මහා තරගයට නවසීලන්තය ක්‍රීඩා කළ ද එම දෙවතාවේදීම අනුශූරියන් බවට පත්වීමට ඔවුනට සිදුවිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments