Homeඅධ්‍යාපන හා වෘත්තීයජෝන් කීල්ස් OCTAVE කොළඹ විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් OCTAVE කොළඹ විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත සහ උසස් විශ්ලේෂණ විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Centre of Excellence) වන OCTAVE, පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය සමඟ ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා විසින් 2024 අගෝස්තු 15 දින අත්සන් තබන ලදි.

රටේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීමේ උත්සාහය යටතේ මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟද මෙබඳු ගිවිසුමක් අත්සන් තැබීමට OCTAVE කටයුතු කළේ ය. මෙම හවුල්කාරිත්වය යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ දත්ත විශ්ලේෂණය සම්බන්ධ විෂය මාලාවන් වැඩිදියුණු කිරීම සඳහා එම විශ්වවිද්‍යාලය සමඟ සමීපව කටයුතු කිරීමට OCTAVE බලාපොරොත්තු වෙයි. මෙහි අරමුණ වන්නේ දත්ත විශ්ලේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රමවේදයන් විෂය මාලාවන්ට එක්කරමින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම ක්ෂේත්‍රය සම්බන්ධ නවතම දැනුම ලබාදීමය.

මෙහිදී දත්ත විද්‍යාව, යන්ත්‍ර ඉගෙනුම සහ දත්ත ඉංජිනේරුකරණය යනාදී විෂයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති අතර, OCTAVEහි ප්‍රවීණ වෘත්තිකයන් කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවල අධීක්ෂකවරුන් ලෙස මෙන්ම එහි ආරාධිත දේශකවරුන් ලෙස කටයුතු කරනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments