හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ඉකුත් දා පැවති නෙස්ලේ පාසල් නෙට්බෝල් තරගාවලියේ කොළඹ දිස්ත්‍රික් (හෝමාගම) B කාණ්ඩයේ වයස අවුරුදු 17න් පහළ ශූරතාව, කොටිකාවත්ත ශ්‍රී රාජසිංහ ජාතික පාසල හිමි කරගෙන තිබේ.
එම කණ්ඩායම නියෝජනය කළ රංදි යසංගා දෙව්මිණි, තිසරි ගෞතමී ඩයස්, චාතුර්යා හංසමාලි, ගගනි මදුෂාණි, ඩිනුකි ආකර්ෂා, අයිෂා අර්නික් යූසුෆ්, තිසරි අංජලී, විභූති ආකර්ෂා විජේකෝන්, ඩයනි ගයේෂා යන ක්‍රීඩිකාවෝ මෙහි වෙති. ක්‍රීඩා පුහුණුකාරිනී වයි.එම්. ඉහළගමගේ සහ ක්‍රීඩා ගුරුවරියන් වන ඩී.එස්.සී. කළුආරච්චි, නදීශා කුමාරි යන මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ සිසුවියෝ පුහුණුව ලැබූහ.