Homeකාන්තා ලෝකයඋපත් පාලන ක්‍රම ගැන ඉගෙන ගැනීමට අවශ්‍යද ?

උපත් පාලන ක්‍රම ගැන ඉගෙන ගැනීමට අවශ්‍යද ?

උපත් පාලන පෙති – Mithuri

උපත් පාලන පෙති (බොහෝ විට “පෙති” ලෙස හැඳින්වේ) දිනපතා ගත යුතුය.  එය භාවිතා කිරීමට ඉතා පහසු වන අතර,  ස්වයං-කළමනාකරණයකින් යුතුව භාවිතයද ආරක්ෂිත වේ.  ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැකිය. පෙති ඉතා ඵලදායී ක්‍රමයක් වන අතර , මෙය භාවිතය හේතුවෙන් වේදනාකාරී හා අධික රුධිර වහනයක් සිදුවන ඔසප් කාල පරිච්ඡේදයන් වලදී වේදනාව  අඩු කර ගැනීමටද  හැකි වේ, නමුත් නියමිත මාත්‍රාව නියමිත වේලාවට ගැනීමට මතක තබා ගත යුතුය.

1.  උපත් පාලන පෙති ගැබ් ගැනීම වළක්වන්නේ කෙසේද?

උපත් පාලන පෙති ක්‍රියා කරන්නේ ශුක්‍රාණු ඩිම්බයක් සමඟ එකතු වීම නැවැත්වීමෙනි.  ඩිම්බයක් සමඟ ශුක්‍රාණු සම්බන්ධ වූ විට එය සංසේචනය ලෙස හැඳින්වේ. පෙති වල ඇති හෝමෝන ආරක්ෂිතව ඩිම්බ පිටවීම නතර කරයි.  ඩිම්බ මෝචනය සිදු නොවීම යන්නෙන් අදහස් වන්නේ ශුක්‍රාණු සමඟ සංසේචනය වීමට ඩිම්බයක් නොමැති වීමයි, එබැවින් ගැබ් ගැනීමක් සිදු විය නොහැක.

2.  පෙති ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කරයිද?

නැත. ගැබ් ගැනීම වැලැක්වීමට පෙති භාවිත කළ ද,  එය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනවලින් ඔබව ආරක්ෂා නොකරයි. ඔබ ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම කොන්ඩම් භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හෝ පැතිරීමේ සම්භාවිතාව අඩු කරයි.  කොන්ඩම් ගැබ් ගැනීමෙන් ආරක්ෂා කරයි – එබැවින් කොන්ඩම් හා උපත් පාලන පෙති එකට භාවිතා කිරීම ලිංගාශ්‍රිත රෝග සහ අනපේක්ෂිත ගැබ්ගැනීම් වලින් ආරක්ෂාව සපයයි.

www.fpasrilanka.org ඇසුරිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments