Saturday, August 30, 2025
More
    Homeව්‍යාපාරිකවනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය වයඹ විජයාභිමානී සම්මාන දිනයි

    වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය වයඹ විජයාභිමානී සම්මාන දිනයි

    වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ වෛද්‍ය පී. ජී. අනුර කුමාර සෝමරත්න මහතා 1988දී වනමන්දාව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය ඇරැඹුවේය.

    සාම්ප්‍රදායික ආයුර්වේද ශිල්ප ක්‍රම සහ නවීන තාක්ෂණය එකට මුසු කරන එම සමාගම පාරම්පරික වට්ටෝරු භාවිත කරමින් උසස් තත්ත්වයේ ඖෂධ නිපදවයි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයට පිළියමක් ලෙස එම සමාගම 2005දී හොරගොල්ල සහ හබරණ ප්‍රදේශවල ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යපෘති ඇරැඹීය. එම ව්‍යාපෘති ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධීය පැළෑටි සංරක්ෂණය කිරීමට විශාල ලෙස දායක වේ. වෛද්‍ය සෝමරත්න මල්ලවාරච්චි මහතා සභාපතිත්වය දරන වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය හීන්බෝවියා-පිටවක්කා පෙති, මුරුංගා පෙති, ස්ලිම් කරල්, බ්‍රාහ්මී පෙති,

    දියවැඩියා පෙති, වාජීකරණ පෙති ඇතුළු පුළුල් පරාසයක ඖෂධ නිපදවයි.

    ස්වාභාවික සහ පාරම්පරික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරන එම ඖෂධ භාවිතයෙන් රෝග රැසක් සුව කර ගත හැකිය. වනමන්දාව සමාගම් සමූහයට අනුබද්ධ සමාගමක් වන වනමන්දාව සෝමරත්න වෙද මැදුර උසස් තත්ත්වයේ පාරම්පරික සහ නවීන ආයුර්වේද ප්‍රතිකාර සපයන ආයතනයකි. දශක හයකට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයුර්වේද නිෂ්පාදන සහ සේවා සැපැයීමෙන් සෞඛ්‍යය සහ සුවතාව ප්‍රවර්ධනය කරන වනමන්දාව සමාගම් සමූහය වර්තමානයේදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් බවට පත් වී තිබේ. පසුගිය කාලය පුරා ඔවුන් සම්මාන සහ ඇගැයීම් රැසක් ලබා ඇත.

    RELATED ARTICLES

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments