Friday, June 13, 2025
More
    Homeකාලීන පුවත්බාලවයස්කාර දරුවන් විදේශ රටවල මෙහෙකාර සේවයේ යෙදවීම මිනිස් ජාවාරමක්

    බාලවයස්කාර දරුවන් විදේශ රටවල මෙහෙකාර සේවයේ යෙදවීම මිනිස් ජාවාරමක්

    බාලවයස්කාර දරුවන් විදේශ රටවල මෙහෙකාර සේවයේ යෙදවීම මිනිස් ජාවාරමක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය මේ පිළීබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

    විවිධ ආයතන මගින් පසුගිය කාලය පුරා මෙවැනි බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයට විදේශ රටවලට යවා ඇති බව පවසන අමාත්‍යවරයා මෙවැනි සිදුවීම් කතාබහට ලක් වන්නේ එවැනි බාලවයස්කාර දරුවෙකුට ඒ රටේදී යම් අඩන්තේට්ටමක් මරණ දඬුවමක් ලබා දීම වැනි සිද්ධියක් වාර්තාවීමෙන් පමණක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    කෝප් කමිටුවේදී අනාවරණය වූයේ එසේ සිදු කළ සිද්ධීන් කිහිපයක් බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නීති සකස් කරමින් පවතින බවත් අවධාරණය කළේය.

    මෙවැනි ක්‍රියාවලට කිසිසේත් ඉඩදිය නොහැකි බවත් රජයේ ප්‍රතිපත්තිය මෙවැනි සිදුවීම්  වැළැක්වීම බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments