Homeකාලීන පුවත්ට්‍රම්ප් ඩොලර් මිලියන  5ක 'Gold Card' ගැන සියලු තොරතුරු හෙළි කරයි

ට්‍රම්ප් ඩොලර් මිලියන  5ක ‘Gold Card’ ගැන සියලු තොරතුරු හෙළි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (බ්‍රහස්පතින්දා) ඔහුගේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක “රන් කාඩ්පත්  / Gold Card’ වීසා වැඩසටහන එළිදැක්වූ අතර එය ඉක්මනින් මිලදී ගැනීමට ලබා ගත හැකි බව ඔහු පැවසීය.

Air Force One හි වාර්තාකරුවන් අමතමින් ට්‍රම්ප්, අතිශය ධනවතුන්ට පුරවැසිභාවය ලබා දීම අරමුණු කරගත් VIP ටිකට් පත එළිදැක්වීය. කාඩ්පත “සති දෙකකින්” ලබා ගත හැකි බව ඔහු පැවසීය. පෙබරවාරි මාසයේ මුලදී, ට්‍රම්ප් එක්සත් ජනපදයට ගොස් රැකියා නිර්මාණය කිරීමට අපේක්ෂා කරන විදේශිකයන්ට වීසා විකිණීමේ ඔහුගේ සැලසුම් නිවේදනය කළේය.

ඔහු වාර්තාකරුවන්ට මෙසේ පැවසුවේය, “ඩොලර් මිලියන  කට මෙය ඔබේ විය හැකියි. ඒ කාඩ්පත්වලින් පළමුවැන්නයි. ඔබ දන්නවාද ඒ කාඩ්පත මොකක්ද කියලා ? ඒ රන් කාඩ්පත – ට්‍රම්ප් කාඩ්පතයි.”

ට්‍රම්ප්ගේ Gold Card රන්වන් පැහැයෙන් යුක්ත වන අතර එක් පැත්තක එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ අනෙක් පැත්තට The Trump Card යන ශීර්ෂ පාඨය සංකේතනය කර ඇත. කාඩ්පතේ ඉහළින්ම ‘United States of America ‘ සහ $5 million පැහැදිලිව සඳහන් කර ඇත.

අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු සේවය කරන සමාගමක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වියදම් කළ හැකි ආයෝජකයින්ට එක්සත් ජනපද වීසා ලබා දෙන EB-5 වැඩසටහන ට්‍රම්ප්ගේ මුලපිරීම මගින් ප්‍රතිස්ථාපනය කරන බව වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් මීට පෙර වාර්තාකරුවන්ට පවසා තිබුණි.

ජනාධිපතිවරයා මීට පෙර ලබන්නන් ගැන පවසා තිබුණේ “ඔවුන් ධනවත් වනු ඇති අතර ඔවුන් සාර්ථක වනු ඇත. එසේම ඔවුන් විශාල මුදලක් වියදම් කර විශාල බදු ගෙවන අතර බොහෝ දෙනෙකුට රැකියා ලබා දෙනු ඇත. ඒ අතර එය අතිශයින්ම සාර්ථක වනු ඇතැයි අපි සිතමු. සමාගම්වලටද Gold Card මිලදී ගත හැකි අතර, ඒ වෙනුවට, නව සේවකයින් බඳවා ගැනීම සඳහා එම වීසා ලබා ගත හැකිය,” ට්‍රම්ප් පැවසීය.

ගෝල්ඩ් කාඩ් වීසා විකිණීමෙන් ලැබෙන ආදායම රටේ ණය ගෙවීමට යොදා ගන්නා බව ට්‍රම්ප් අවධාරණය කළේය.

ඇමෙරිකානු මාධ්‍ය වාර්තා ඇසුරිනි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments