Homeසූපවේදය'පාන් ටෝස්ට්' කරන්නේ පරෙස්සමින් !

‘පාන් ටෝස්ට්’ කරන්නේ පරෙස්සමින් !

පමණට වඩා කර කරන ලද පාන් ටෝස්ට් මෙන්ම පමණට වඩා බැදුනු අර්තාපල් සහ අල පෙති ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවති.

බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ආහාර තත්ත්ව පාලන ආයතනය කියා සිටියේ පිෂ්ට සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ කර කිරීමෙන්, බැදීමෙන් සහ පිළිස්සීමෙන් ශරීරයට හානි කර ඇක්‍රිලමයිඩ් (Acrylamide) රසායන සංයෝගය නිෂ්පාදනය වීමේ ඉඩක් පවතින බවය

පාන් ටෝස්ට්, අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි.

අනුභව කරනු ලබන ආහාර ප්‍රමාණය අනුව රසායන ද්‍රව්‍යයෙන් සිදු විය හැකි හානිය තීරණය වන බව බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනයේ ප්‍රධාන විද්‍යා උපදේශක මහාචාර්ය ගයි පොපි පෙන්වා දෙයි.

Crisps
ඡායාරූප ශීර්ෂ වැකිය,අර්තාපල් සහ අල පෙති වැනි පිෂ්ට සහිත ආහාර දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි

පමණට වඩා කර කරන ලද එවැනි ආහාර දීර්ඝ කාලයක් ආහාරයට ගැනීමෙන් පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව පූර්ණ වශයෙන් සතුන් යොදා ගනිමින් සිදු කළ අධ්‍යන මගින් දැක ගැනීමට හැකි වූ බව කී මහාචාර්ය ගයි පොපි, “ඒ නිසා මිනිස්සුන්ටත් එවැනිම බලපෑමක් සිදු නොවේවි කියල හිතන්න හේතුවක් නැහැ,” යනුවෙන් සඳහන් කළේය.

අර්තාපල් ශීතකරණයේ ගබඩා කිරීමෙන් වළකින ලෙසත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය නිර්දේශ කරයි.

එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩාකිරීමෙන් සීනි මට්ටම ඉහළ යන අතර එවැනි ආහාර පිසීමේදී ඇක්‍රිලමයිඩ් රසායන ප්‍රමාණය ඉහළ යෑමේ ඉඩක් පවතින බවත් බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ආයතනය පෙන්වා දෙයි.

උපුටා ගැනීම – බී.බී.සී. සන්දේශය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments