Wednesday, January 22, 2025
More
    Homeක්‍රීඩාආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල ඉන්දියාවට යයි

    ආසියානු නෙට්බෝල් ශූරතාවලියට ශ්‍රී ලංකා පිල ඉන්දියාවට යයි

    ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගියහ. ඉන්දියාවේ බැංග්ලෝර් නුවරදී හෙට (17) ආරම්භ වන 13 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලිය සඳහා සහභාගි වන වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම දුලංගි වන්නිතිලකගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන අතර, කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස නාලිකා ප්‍රසාදි මහත්මියත්, කළමනාකාරිනිය ලෙස පද්මිණි හොරණගේ මහත්මියත් කටයුතු කරති.

    වසර 1985 මැලේසියාවේදී ආරම්භ වූ ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ සාර්ථකම කණ්ඩායම ලෙස ශූරතා 6ක් දිනා සිටින ශ්‍රී ලංකා පිල අනුශුරතා 4කට ද හිමිකම් කියයි. 2018 දි සහ 2022 දී පිටපිට ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, 2020 වසරේදී කොවිඩ් වසංගතය හේතුවෙන් තරගාවලිය නොපැවැත්විණි.

    ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නෙට්බොල් කණ්ඩායම පසුගියදා අගමැතිනිය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අතර, ක්‍රීඩිකාවන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අගමැතිනිය කණ්ඩායමට සුබපැතුම් එක් කළාය.

    පළමුවතාවට කණ්ඩායම් 14ක් තරග වදින මෙවර ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර, සමාරම්භක උත්සවය හෙට පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම – දුලාංගනි වන්නිතිලක (නායිකා), හසිතා මෙන්ඩිස්, රශ්මි දිව්‍යාංජලි, ගයංජලී අමරවංශ, තිසාලා අල්ගම, ශානිකා පෙරේරා, ගයනි දිසානායක, ගයාත්‍රි කෞශල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොඩ්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නිශා.

    ඉහළ ඡායාරූපය – (වමේ සිට) නාලිකා ප්‍රසාදි (පුහුණුකාරිනිය), කේ. මහේසන් (ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්), දුලාංගනී වන්නිතිලක (නායිකා), අගමැතිනිය හා ක්‍රීඩා ඇමතිනිය ආචාර්ය හරිනි අමරසූරිය, ලක්ෂ්මි වික්ටෝරියා (නෙට්බෝල් සභාපතිනිය), මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු (ක්‍රීඩා අධ්‍යක්ෂ), පද්මිණි හොරණගේ (කළමනාකාරිනිය) සමඟ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම

    source;dinamina

    RELATED ARTICLES
    - Advertisment -
    Google search engine

    Most Popular

    Recent Comments