- ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය ඉතිහාසයේ අවම අගයක් ගනී
- 2019 සිට වැඩ කරන ජනගහනය සියයට 3.35කින් අඩු වී ඇත.
- 2019 සිට උපත් සංඛ්‍යාව සියයට 30.8කින් අඩු වී ඇත.
- 2019 සිට විවාහ සංඛ්‍යාව සියයට 14.7කින් අඩු වී ඇත.
- 2019 සිට මරණ සංඛ්‍යාව සියයට 17.2කින් ඉහළ ගොස් තිබේ.
- වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයේ
- ජනගහන වර්ධනයේ ඉහළම පහත වැටීම කොළඹ දිස්ත්‍රික්කයේ
ශ්‍රී ලංකාව ජනගහන වර්ධන වේගයේ වේගවත් පහත වැටීමකට මුහුණ දී සිටින බව 2024 ජන හා නිවාස සංගණනය පිළිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය 1871 සිට සියයට 0.5ක සර්වකාලීන අවම අගයකට ළඟා වී ඇති බව ද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
2024 ජන හා නිවාස සංගණනය පිළිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07) නිකුත් කරන ලද වාර්තාවෙන් හෙළි වන්නේ 2023 දී 20,359,439ක් වූ ශ්‍රී ලංකාවේ ජනගහනය 2024 දී 21,763,170ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව මිලියන 1.4ක පමණ වර්ධනයකි.
1953 සිට සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 2.8 සිට සියයට 0.5 දක්වා නිරන්තරයෙන් අඩුවෙමින් පවතින බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ වර්ධන වේගයේ සැලකිය යුතු අඩුවීමක් (සියයට 1.43 සිට සියයට 0.17 දක්වා අඩුවීමක්) දක්නට ලැබෙන බවත් වාර්තාවේ සඳහන් වේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ මෙසේ සඳහන් වේ: “දිස්ත්‍රික්ක අනුව ජනගහනය විශ්ලේෂණය කිරීමේදී, ගම්පහ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වාර්තා කර ඇති අතර එහි ජනගහනය 2,433,685කි. ඊට ආසන්නව ඇත්තේ 2,374,461ක ජනගහනයක් සිටින කොළඹ දිස්ත්‍රික්කය යි. මෙම දිස්ත්‍රික්ක දෙක අතර ජනගහන වෙනස පුද්ගලයින් 59,224 කි.”
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 48.72ක් පිරිමින් වන අතර ජනගහනයෙන් සියයට 51.28ක් කාන්තාවන් වන බව වාර්තාවේ සඳහන් වේ.
2019 සිට වයස අවුරුදු 80 ට වැඩි වැඩිහිටි ජනගහනය පුද්ගලයින් 293,000ක් ලෙස නියතව පවතින අතර ඉන් 116,000ක් පිරිමින් සහ 177,000 ක්කාන්තාවන් වේ. කෙසේ වෙතත්, එම කාලය තුළම වයස අවුරුදු 20-54 අතර වැඩ කරන ජනගහනයේ අනුපාතය පිරිමින් 5,207,000ක් සහ කාන්තාවන් 5,710,000ක සිට පිරිමින් 5,028,000ක් සහ කාන්තාවන් 5,524,000ක් දක්වා 3.35% ක සුළු අඩුවීමක් දක්නට ලැබේ.