Homeකාලීන පුවත්හෘද රෝගීන්ගේ වේගවත් වර්ධනයක් - තරුණයින් ගැන විශේෂ අවධානයක් ඕනෑ

හෘද රෝගීන්ගේ වේගවත් වර්ධනයක් – තරුණයින් ගැන විශේෂ අවධානයක් ඕනෑ

පසුගිය වසර 10 තුළ හෘද රෝග රෝගීන් 15%කින් වැඩි වී ඇති බවත්, හෘද ආශ්‍රිත ගැටලු හේතුවෙන් දිනකට රෝගීන් 200ක් වාර්තා වන බවත් හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය.

හෘදයාබාධ හේතුවෙන් සෑම වසරකම මෙරට පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසක් මියයන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. මෙහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙරට තරුණයින් අතර හෘද රෝග අවදානම වර්ධනය වෙමින් පවතින බවයි.

විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩි දුරටත් හෙළි කළේ සමස්තයක් ලෙස වාර්තා වන මරණවලින් 20%ක් කිරීටක ධමනි රෝග (Coronary Artery Disease – CAD) නිසා සිදුවන බවයි.

හෘදයාබාධ ආශ්‍රිත ගැටලු වලට සම්බන්ධ ප්‍රධාන සාධක වන්නේ දුර්වල ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම සහ ආතතිය බව පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා, මුල් අවධියේදී හෘදයාබාධ වැළැක්වීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා තෝරා ගැනීම් මගින් හෘද රෝග වර්ධනය වීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments