කොන්ඩම් (උපත් පාලන කොපු)
කොන්ඩම් ඉතා ජනප්‍රිය වන අතර HIV සහ STI වලින් ආරක්ෂා විය හැකි එකම උපත් පාලන ක්‍රමය ද වේ. මෙය භාවිතා කිරීම මෙන්ම සපයා ගැනීමද පහසු වේ.
කොන්ඩම් යනු කුමක්ද ? එය ක්‍රියා කරන්නේ කෙසේද?
කොන්ඩම් යනු ලිංගික ක්‍රියාවලදී ඔබේ ශිශ්ණය ආවරණය කර ශුක්‍රාණු එකතු කරන කුඩා සිහින් මල්ලක් ය. ශුක්‍රාණු යෝනිය තුළට ඇතුලුවීම නැවැත්වීමෙන් කොන්ඩම් මඟින් ගැබ් ගැනීම වළක්වයි, එබැවින් ශුක්‍රාණුවකට ඩිම්බයක් සමඟ සම්බන්ධ විය නොහැක.(සංසේචනය විය නොහැක)
ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩම් උපකාරී වේද?
ඔව්! ඔබ මුඛ, ගුද හෝ යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම කොන්ඩම් භාවිතා කිරීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඇතිවීමේ හෝ පැතිරීමේ සම්භාවිතාව අවම කර ගැනීමට භාවිතා කළ හැකි හොඳම ක්‍රමයයි. ආසාදිත ශරීර තරල (ශුක්‍රාණු සහ යෝනි තරල වැනි) සමඟ ගැටීම වැලැක්වීමෙන් කොන්ඩම් ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව සහ ඔබේ හවුල්කරුවන් ආරක්ෂා කරයි.
පවුල් සැලසුම් එන්නත්
ඩිපෝ ෂොට් (Depo-Provera) යනු ඔබ මාස 3 කට වරක් ලබාගත යුතු එන්නතකි. එය ආරක්ෂිත ය, ලබා ගැනීමද පහසු ය. ඔබ සැමවිටම නියමිත වේලාවට එය ලබා ගන්නේ නම් එය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ.
පවුල් සැලසුම් එන්නත ක්‍රියා කරන්නේ කෙසේද?
ඩිපෝ (Depo-Provera) එන්නතෙහි ප්රෝජෙස්ටින් (progestin) හෝමෝනය අඩංගු වේ. ප්‍රොජෙස්ටින් ඩිම්බ පිටවීම වැලැක්වීමෙන් ඔබව ගැබ් ගැනීම වළක්වයි (ඩිම්බ පිටවීම යනු කාන්තාවකගේ ඔසප් කාලයේ දී ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් මුදා හැරීමයි. ඩිම්බය මුදා හැරීමෙන් පසු එය පැලෝපීය නාලය ඔස්සේ ගමන් කරයි, එහිදී ශුක්‍රාණු සෛලයක් හා එක්වීමෙන් සංසේචනය සිදු විය හැක). එය ගැබ්ගෙල ශ්ලේෂ්මල ඝන බවට පත් කිරීමද සිදු කරයි. ගැබ් ගෙලෙහි ඇති ශ්ලේෂ්මල ඝන වූ විට ශුක්‍රාණු වලට ඇතුල් විය නොහැක. තවද ශුක්‍රාණු සහ ඩිම්බය එකට එකතු වීමට නොහැකි වූ විට ගැබ් ගැනීමක් සිදු නොවේ.
ඩිපෝ එන්නත මට වඩාත් යෝග්‍ය වන්නේ කෙසේද?
ඔබට අවශ්‍ය විටෙක පවුල් සැලසුම් ඩිපෝ එන්නත ආරම්භ කළ හැක. ඔසප් වීම ආරම්භ වී පළමු දින 7 ඇතුළත ඔබ පළමු එන්නත ලබා ගන්නේ නම්, ඔබ වහාම ගැබ් ගැනීමෙන් ආරක්ෂා වේ. ඔබේ චක්‍රයේ වෙනත් ඕනෑම අවස්ථාවක ඔබ එය ලබා ගන්නේ නම්, එන්නත ලබා ගැනීමෙන් පසු පළමු සතිය සඳහා ඔබ වෙනත් පවුල් සැලසුම් ක්‍රමයක් (කොන්ඩම් වැනි) භාවිතා කළ යුතුය.
බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය
සමට මදක් පහළින් (උප චර්මයට) ඇතුළත් කරන වඩා ඵලදායී, ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි උපත් පාලන ක්රමයකි. වසර පහක් දක්වා ආරක්ෂාව ලබා දෙන දිගු කාලීන ක්රමයකි. අවුරුදු 5 සම්පූර්ණ වීමට පෙර ,ගැබ් ගැනීමක් අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි ය. 99% කට වඩා වැඩි කාර්යක්ෂමතාවක් පවතින අතර ඉවත් කිරීමෙන් පසු ඉක්මනින් ගැබ් ගැනීමට හැකි වීම විශේෂයකි.
බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය ක්‍රියා කරන අයුරු
මෙහි අඩංගු වන හෝමෝන මඟින්, ක්‍රම දෙකකින් ගැබ් ගැනීම වළක්වයි:
- Progestin ස්රාවය වීමෙන් යෝනි මාර්ගයේ ශ්ලේෂ්මල ඝන බවට පත් කරයි. එම නිසා ශුක්‍රාණු වලට ඩිම්බ වෙත පිහිනා යාමට නොහැකි වේ. ශුක්‍රාණු ඩිම්බයක් සමඟ එක්වීමට නොහැකි වූ විට, ගැබ් ගැනීමක් සිදුවිය නොහැක.
- Progestin හට ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම (ඩිම්බ මෝචනය )නැවැත්විය හැකිය, එබැවින් සංසේචනය වීමට ඩිම්බයක් නොමැත. ඩිම්බ නිකුත් වීමක් සිදු නොවන විට, ගැබ් ගැනීමක් සිදුවිය නොහැක.
මෙම ක්රමයෙහි ඇති සුවිශේෂීත්වය නම් මෙය දිගු කාලීන පිළියමක් වීමයි. (අවුරුදු 5 ක් දක්වා) නමුත් මෙය ස්ථිර නොවේ. ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය යැයි ඔබ තීරණය කරන්නේ නම් හෝ ඔබට තවදුරටත් මෙම උපත් පාලන ක්‍රමවේදය අවශ්‍ය නැතිනම්, ඔබේ වෛද්‍යවරයාට එය ඉවත් කළ හැකිය. මෙය ඉවත් කිරීමෙන් පසු ඔබට ඉක්මනින් ගැබ් ගැනීමට හැකි වේ.
මෙමගින් ලිංගාශ්‍රිත රෝග වළක්වයිද?
- නැත. එබැවින් ඔබේ බද්ධ කිරීම සමඟ කොන්ඩම් භාවිතා කිරීම ආසාදන වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමයයි.
මූලාශ්‍රය – fpasrilanka.org